27/2 යටතේ සජිත් ප්‍රේමදාස විසින් සිය ප්රශ්නය විමසීමට පෙර කාලයක් මිඩංගු කරමින් අගමැතිවරියගෙන් ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ පිළිබඳව රජයේ මැදිහත් වීම සම්බන්ධව විමසමින් සිටියේය. ඔහුට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කිරීමට ගත හැකි වැඩපිළිවෙළ කුමක්දැයි විමසමින් සිටිය දී නියෝජ්‍ය කථානායක රිස්වි ෂරීෆ් විපක්ෂ නායකවරයා විසින් කාලය අවභාවිතා කරන ආකාරය දැන්වීමට උත්සාහ කරත්ම ඔහු එක් වරම උස් හඬින් කීවේ මැද්දට නොපැන ඉන්න ලෙසය.
” මැද්දට පනින්න එපා… කියනකම් ඉන්න” ඔහු මහ හඬින් කීවේය.
වහාම නැගී සිටි සභානායකවරයා පැවසුවේ විපක්ෂ නායකවරයා වහාම මේ ප්‍රකාශය ඉල්ලා අස්කරගත යුතු බවය. ඊයෙ දිනයේ රාමනාදන් අර්චුනා විසින් කථානායකවරයාට විලි ලජ්ජා නැති පුද්ගලයෙක් බව ප්‍රකාශ කළ බවත් අද විපක්ෂ නායකවරයාම නියෝජ්‍ය කතනායකවරයා නිවැරදි කිරීමට උත්සාහ කරද්දී මැද්දට නොපනින ලෙසට අණ කළ බවත් විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රකාශය බරපතල ලෙස ගන්නා බවත් දැඩිව කීවේය.
“ඔය සද්ද පක්ෂ ඇතුළෙ දාගන්න… මෙතන ඕව කරන්න එන්න එපා…” සභානායක බිමල් රත්නායක විපක්ෂ නායකවරයාට පැවසුවේය.
මේ සමගම විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් ඇති විනි. මේ අවස්ථාවේ දී දැඩි ලෙස සිය ස්ථාවරය ප්‍රකාශ කළ නියෝජ්‍ය කතානායකවරයා තමන් මේ සභාවේ මුලසුන දරන පුද්ගලයා බවත් තමන්ට සියලු දෙනා අවනත විය යුතු බවත් අවධාරණය කළේය. එමෙන්ම සියලුම සභකියන් මෙම සභාවේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව කී නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂ නායකවරයා අමතා මෙසේ පැවසුවේ.
” ගරු විපක්ෂ නායකතුමා. මම ඔබතුමාට බෙහෙවින්ම ගරු කරනවා. එහෙත් ඔබේ මේ ප්‍රකාශයෙන් මම කම්පනයට පත් වුනා. ඔබ ගරු කළ යුත්තේ මට නොවෙයි. මේ ධූරයට. කරුණාකරලා එම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න…”
නියෝජ්‍ය කථානායකවරයා දැඩිව සිය ස්ථාවරයේ සිටියේය. ඒ අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේය.
“ගරු කතානායක තුමනි. මැදට පනින්න එපා කියලා කිව්වේ බාධා කරන්න එපා කියන ඉල්ලීමක්. ඉන්සලට් කරනවා කියලා ඔබතුමා හිතනවා නම් මම ඒක විඩ්රෝ කරගන්නවා. මට මහන්තතත්කමක් නෑ. අඩුපාඩුවක් වුනා නම් ඒක නිවැරදි කරගන්න සූදානම්.”
සජිත් ප්‍රේමදාස කියන විට කථානායකවරයා පැවසුවේ එම ප්‍රකාශයට ගෞරව කරන බවත් තමන් විසින් ආරක්ෂා කරන්නට උත්සාහ කළේ මූලාසනයේ ගෞරවය බවත්ය.







