නියෝග කළේ පුච්චන්න… අරන් යන්නෙ කූල් කරන්න

කරාපිටියේ අත්හැර දමා ගිය කොවිඩ් මල සිරුරට වෙච්චි දේ

කරාපිටිය රෝහලේ අත්හැර දමා ගිය කොවිඩ් සිරුර සමබන්ධව රජය මීට පෙර නිකුත් කර ඇති  චක්‍රලේඛ අනුව ක්‍රියාත්මක වන ලෙස සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝග කර තිබිය දී  එම කොව්ඩ් මල සිරුර අධි ශීතකරණ සහිත බහාලුමක තැන්පත් කිරීම සඳහා කොළඹට රැගෙන යෑමට විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම සිරුර කොවිඩ් ආසාදිත බව තහවුරු වූ පසු  හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  වැඩ බලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන  ලොකුගේ    දේහය නිරෝධායන නිති යටතේ රජයේ නියමයන්ට අනුකුලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ  අදාහනය කරන ලෙස නියෝග කළේය.

මල සිරුර රෝහලේ අත් හැර දැමූ එහි භාරකරුවන් පොලිසි ගියහ. අනතුරුව  මේ මරණය සම්බන්ධ ක්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස් හා නියෝග ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා විසින් ගාල්ල  අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (22) කරුණු වාර්තා කළේය.


ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ එහිදි පොලිසියට නියෝග කළේ මේ සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසය.

ඒ නියෝගය ප්‍රකාරව ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසුවේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ සම්බන්ධව ලිඛිතව උපදෙස් ලබා දෙමින් කීවේ කොවිඩ් 19 මෘතදේහය සම්බන්දයෙන් ඔහු විසින් මීට ඉහතදි නිකුත්කරණ ලද චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළයුතු බවත් එම උපදෙස් පිළිබඳව ගරු මහේස්ත්‍රාත් තුමිය දැනුවත් කොට අවශ්‍ය කටයුතු සිදුකරණ ලෙසයත් ය.

කොවිඩ් 19 මෘත දේහ සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව එම චක්‍රලේඛයෙහි දැක්වෙන්නේ පැය 24ක් තුළ ආදාහනය කළ යුතු බවය. හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කර තිබුණේත් එම නෛතික තත්වයට අනුව කටයුතු කරන ලෙසය.

එහෙත් මේ වනවිට එම සිරුරු කොළඹ බහාලුමක් තුළ ඇති ශීතාගාරයක තැන්පත් කිරීම සඳහා රැගෙන යෑමට පොලිස් කණ්ඩායමක් පැමිණ ඇති බව කරාපිටිය රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේය. මේ වනවිට ඒ සඳහා උසාවි නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිරුර මෝචරියෙන් ඉවත් කරන තුරු සියලුම මල සිරුරු සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම නැවත්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරීන් තීන්දු කර ඇත.

 

Exit mobile version