නියෝගවලට ගරු කරන්නෙ නැතිනම් මානව හිමිකම් කොමිසමක් මොකට ද?. විදුලිබල මණ්ඩලයට නඩු දාන බව මානව හිමිකම් කොමිස කියයි…

court-

පසුගිය 25 දා සියලු පාර්ශවයන් විසින් උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය නොකැපීම සඳහා ඇති කරගත් එකඟතාව කඩකරමින් ඊයේ (27) සහ පෙරේදා (26) විදුලිය කප්පාදු කිරීම හේතුවෙන්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර ඇති බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි.

විදුලි බල මණ්ඩලය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය, රටේ නීතියට නිගරුකරමින් අත්තනෝමතිකව කටයුතු කරන බවක් නිරීක්ෂණය වී ඇතැයි, මානව හිමිකම් කොමිසම සඳහන් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයටද පැමිණිලි කිරිමට සිදු වනු ඇති කොමිසම කීවේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය නිමල් කරුණාසිරි නිවුස් ෆස්ට් වෙත පවසා තිබුණේ  උසස් පෙළ විභාගයේ අපේක්ෂකයන් පිළිතුරු ලියන කාලයෙන් විදුලිය විසන්ධි නොවන බවට සහතික වීම සඳහා සියලු පාර්ශව එකඟතාවට පැමිණි බවය.


මෙම ලේඛනගත ගිවිසුම කඩ කළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

“උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ පැය 2ක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ විදුලිබල මණ්ඩලය එකඟතාව පළ කළා. මෙය විභාගය පැවැත්වෙන කාලයට පමණක් අදාළ වන්නෙ නෑ. විභාගය පැවැත්වෙන මුළු කාලය පුරාම සිසුන්ට විභාගය සඳහා ඉගෙන ගත හැකි වන පරිදි විදුලිය විසන්ධි නොවන බවට ඔවුන් එකඟ වුනා, ”ඔහු විස්තර කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නියෝගය උල්ලංඝණය කර ඇති බැවින් එම නියෝගය නොසලකා හැර ඇති බව මත මානව හිමිකම් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කළ හැකි බව ඔහු පැවසීය.
“මෙම නියෝගවලට ගරු කළ නොහැකි නම් මානව හිමිකම් කොමිසමක් තිබීමෙන් ප්‍රයෝජනයක් නෑ,” ඔහු සඳහන් කළේය.

Exit mobile version