නිදොස් කොට නිදහස් කර ඇමති ධුරයකින් පිදුම් ලද පිල්ලෙයාන් රටින් පනී…

දිනසේන රතුගමගේ –

මෑතකදී අමාත්‍යධූරයක් හිමි වූ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්  මැලේසියාවට පලා ගොස් ඇති බව වාර්තා වේ.

ඔහු යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිය   රටින් පිටවී ගිය පසුගිය 08 වැනිදා ඔවුන් සමගම සිංප්පූරු ගුවන් සේවයේ යානයකින් සිංගප්පූරුවට ගොස්  එතැනින් මැලේසියාවට ගිය බව වාර්තා වේ. ඒ අතර තවත් තොරතුරක් පවසන්නේ පිල්ලෙයාන් කුලී බෝට්ටුවකින් මැලේසියාවට පලා ගිය බවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු එතැනින් යුරෝපා රටකට යාමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඔහු යුරෝපීය රටවල් තුනක සිටින පිරිස්වලට අවශ්‍ය පහසුකම් සපයා දෙන මෙන් ඉල්ලීම් කොට ඇති බවත් දෙමළ දේශපාලන පක්ෂ සදහන් කරයි.

චෝදනාවන් රැසකට වරදකරු වී බන්ධනාගාර ගතව සිටි ඔහු මෑතකදී සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් විය. පසුව ඔහුට අමාත්‍යධුරයක්ද පිරිනැමුණි.

Exit mobile version