නිදහස් මාධ්‍යවේදී ඇන්තනි වේරංග පුෂ්පික පැහැර ගැනීමක් වැනි අත්අඩංගුවකට…

පොලිසිය වැඩිදුර විස්තර මග හරී....

රුහුණු සරසවි මහා ශිෂ්‍ය  සංගමයේ හිටපු සභාපති , අනිද්දා පුවත්පතේ හිටපු කර්තෘ මණ්ඩල සාමාජික,  නිදහස් මාධ්‍යවේදී     ඇන්තනී වේරංග පුෂ්පික   සිවිල් ඇඳුමින් සැරසුන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වී පිටත් වී යෑම  සඳහා බස් රියකට නැග සිටිය දී   සිවිල් ඇඳුමින් සැරසුණු පුදගලයන් 6 දෙනෙකු පැමිණ   ඔහුව පැහැරගෙන යන අයුරු  නීතීඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් ඇසින් දැක  තිබේ.

ඇන්තනි වේරංග පුෂ්පික  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරිකයෙක් ලෙස කටයුතු කරමින් සිට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව පොලිසියෙන් කළ විමසීමක දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පමණක් ප්‍රකාශ කරමින් වැඩිදුර තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.


 

Exit mobile version