නිතිය ඉදිරියට ගොස් කවදා හෝ ජනතාවට ලබා දිය යුතු වත්කම්වලට ගිනි තියන්න එපා – FUTA

අරගලයට පහරදුන්නා සේම නීතිය අතට ගෙන සිදුකරන මැරකම් හෙළා දකිනවා...

දේශපාලකයින් හෝ අපරාධකරුවන්    සොරා කා  එකතුකරගත් බව   දන්නා ධනය, එම පිරිස් නීතිය හමුවට පමුණුවා යලි අත්පත් කරගන්නවා මිස   ගිනි තබා විනාශ කිරීම කිසිම ප්‍රයෝජනයක් නැති ක්‍රියාවක් බව   විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම කුමාර බන්නැහැක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ ලෙස ගිනි තබා විනාශ කරගන්නේ අපේම රටේ අපේම ජනතාව වෙනුවෙන් නීත්‍යානුකූලව අත්පත් කරගත යුතු ජනතා  ධනයක් බවය.

විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරන මහාචාර්ය බන්නැහැක පවසන්නේ‍ෙ ගාලුමුවදොර පවත්වමින් සිටි සාමකාමී  විරෝධතාවය  රාජ්‍ය අනුග්‍රය සහිත මැර කණ්ඩායමක් විසින් පහර දී විනාශ කිරීම සේම එයට ප්‍රතික්‍රියා දැක්වීම සඳහා   නීතිය අතට ගෙන    රට තුළ සිදුකරන සියලු ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත් අනුමත නොකරන බවය.

ආදරය, කරුණාව පෙරදැරිව, පක්ෂ පාට ජාති භේදවලින් තොරව ඉතාම ආදර්ශමත් ලෙස  පවත්වාගෙන පැමිණි     අරගලයේ අරමුණු ප්‍රචණ්ඩත්වයෙන් දිය කර නොහරින ලෙස මහාචාර්යවරයා සමස්ථ රට වාසීන්ගෙන් ඉල්ලා සිටී.


“දේශපාලකයින් හෝ අපරාධකරායින් විය හැකියි.  ඒ තිබෙන්නෙ අපෙන් හොරා කාපු ධනය. එම ධනය විනාශ කිරීම නොවෙයි කළ යුත්තේ. ඔවුන් නීතිය හමුවට ඉදිරිපත් කරලා එහි නිසි අයිතිකරුවන් වන අපේ රටේ ජනතාව අතට පත් කිරීම.“

“සාමකාමී ලෙස අරගලය අර්ථවත් කරමු. මේ අරගලයේ අරමුණ වන දුර්දාන්ත පාලකයා වන ජනාධිපතිවරයා ගෙදර යැවීමට සිදුවනතාක් කල් අපි මේ පවත්වාගෙන  යමු.“

මහාචාර්ය ශ්‍යාම කුමාර බන්නැහැක

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version