නිට්ටඹුව ලංගම ඩිපෝවේ වර්ජනයක්… ගමනා ගමන කටයුතු අඩාලයි!

කීර්ති ප්‍රනාන්දු –

වේලා සටහන්කරු හට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පාමින් නිට්ටඹුව ඩිපෝවේ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විසින් අද ( 31) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර ඇතැයි එම ඩිපෝවේ ධාවන මෙහෙයුම් අංශය පවසයි .

නිට්ටඹුව ඩිපෝවේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඊයේ (30)රාත්‍රියේ නිට්ටඹුව ප්‍රධාන ලංගම බස් නැවතුම්පොළ තුළ නවතා තිබූ පෞද්ගලික බස් රථ දෙකක් ඉවත් කර ගන්නා ලෙසට ලංගම බස් වේලා සටහන්කරු විසින් දැනුම් දුන් අවස්ථාවේදී පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් කිහිපදෙනෙකු විසින් වෙලා සටහන් කරුට පහරදී ඇති බවයි .

පහරකෑමට ලක්වූ වේලා සටහන්කරු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් පොලීසිය පවසයි .

මෙම හේතුව නිසා වර්ජනයට නිට්ටඹුව ලංගම ඩිපෝවේ සියලුම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් එක්ව සිටීම හේතුවෙන් තම ඩිපෝ මගින් ධාවනය කරවන බස්රථ සේවා සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව එම ඩිපෝවේ උසස් නිලධාරියකු ලංකා සරට පැවසීය .


.වේලා සටහන්කරු ට පහර දුන් පුද්ගලයන් පිරිස අත්අඩංගුවට ගන්නා තුරු මෙම වර්ජනය අත් නොහරින බව වර්ජනයට එක්ව සිටින ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් කියා සිටිති .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් වේලා සටහන්කරු හට පහර දුන් බවට සැකකෙරෙන පුද්ගලයන් පිරිසෙන් එක් අයෙකු ඊයේ 30 රාත්‍රියේම අත්අඩංගුවට ගත් බව පවසන නිට්ටඹුව පොලිසිය අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව කියා සිටී

Exit mobile version