නැවේ ගින්න මතුවන තැන සොයා ගනී

ship-on-fire

නාවික හමුදාව ගිනි ගත් නැවේ ගින්න නිවීමේ මෙහෙයුම අරඹා ඇති අයුරු...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගිනි ගනිමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගිනි දැල් මතුවන ස්ථානය සොයා ගත් බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.

රසායන ද්‍රව්‍ය පිරවූ නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් බහාලුම් තට්ටුව යටින් ගින්න මතුවන බව හෙළි වී ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ වනවිට නැවේ සිටින විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වරාය අධිකාරියේ නෞකා අංශයේ ප්‍රධානීන් සමග සූම් තාක්ෂණය ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

එසේම විශේෂ උපකරණ රැගත් විශේෂ ගුවන් යානයක් නෙදර්ලන්තයේ සිට ලංකාව බලා ගමන් ආරම්භ කරමින් ඇති බව ද පැවසේ.

නාවික කටයුතු අමාත්‍යාංශය පවසන ආකාරයට අවශ්‍ය ටග් යාත්‍රා නෞකාව අසල ස්ථානගත කර ගින්න නිවීමට කටයුතු කරනබව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.

Exit mobile version