නැවතත් ප්‍රමිතිය බිඳලා… ලිට්‍රෝ පෙරේදා ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3700 ප්‍රතික්ෂේප වෙයි…

ගෑස් කාන්දුවක් සන්නිවේදනය කරනු ලබන ගන්ධය නිකුත්කරන එතිල් මර්කැප්ටන් රසායනය ප්‍රමාණවත් පරිදි නොමැතවීම හේතුවෙන් ලිට්‍රෝ ගෑස් සමාගම පෙරේදා  ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3700 ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ප්‍රමිති ආයතනය, ප්‍රතීතන මණ්ඩලය සහ තවත් ආයතන කීපයක වෘත්තිකයින් සමග පැවති සාකච්ඡාවක දී ය.

ගෑස් නැවේ සාම්පල කීපයක ප්‍රතිඵල අද උදෑසන නිකුත් වී තිබිනි. ගෑස්වල සංයුතියෙන් ප්‍රොපේන්    ය 29ක් සහ බියුටේන් සියයට 69ක් තිබුණත් එතිල් මර්කැප්ටන් අවශ්‍ය ප්‍රමාණයට තිබී නොමැති බව මෙහිදී නිර්ණය වී ඇත.


ඒ සමග  ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙඳපලට නිකුත් කළ ලිට්‍රෝ සමාගමට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කරන බව සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සම්බන්ධව තම අධිකාරිය ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසුවේය.

 

Exit mobile version