නැනෝ මුහුණු ආවරණයකින් රුපියල් දෙකක් ගන්නා අරමුදල ගැන ඇමති බන්දුල කතා කරයි

තාක්ෂණ විෂය ධාරාව හදාරන දරුවන්ට අත දීම වෙනුවෙන් තම පෞද්ගලික ධනය රුපියල් ලක්ෂ 100ක් යොදා ආරම්භ කළ ප්‍රඥා බන්දු අරමුදලට පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද නැනෝ රෙස්පිරෝන් මුහුණු ආවරණ අලෙවියෙන් එකකින් රුපියල් දෙකක් බැගින් ලබා දීමට එම මුහුණු ආවරණ නිෂ්පාදනය කරන සමාගම ඉදිරිපත් වු බව වෙළෙඳ අමත්‍ය බන්දුල ගුණවර්ධන අද පැවසීය.

මෙම අරමුදල තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා එකක් නොවන බවත් එය තම දරුවකුටවත් ගත නොහැකි පරිදි ස්වාධීන භාරකාර මණ්ඩලයක් යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුමක තැන්පත් කර අති එකක් බවත් අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නව නිර්මාණයක් ලෙස නිපදවන ලද නැනෝ තාක්ෂණය සහිත මුහුණු ආවරණය විශිෂ්ට නිර්මාණයක් බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ව්‍යාපාරකරණය පිළිබඳ කැප කිරීමට කාලයක් සහ අත්දැකීම් නැති හෙයින් මෙම මුහුණු ආවරණ අලෙවියට තමන් මැදිහත් වූ බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.


තමන්ට පෞද්ගලිකව ලබා ගන්නට හැකියාව තිබුණු කොමිස් මුදල මෙසේ ප්‍රඥා බන්ධු අරමුදලට යෙදවූ බව කී   අමාත්‍යවරයා තමන් යුද්ධය පවතින කාලයේ තම සම්පූර්ණ ඇමති වැටුප අපි වෙනුවෙන් අපි අරමුදලට ලබා දුන් බව කීවේය. ඊට පසුව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුලි බිල සඳහා මාසිකව රුපියල් පනස් දහසක් ලබා දෙන බවත් සඳහන් කළේය.

පසුගිය දිනවල මෙම අරමුදල පිළිබඳව සමාජ මාධ්‍යවල කතා බහට ලක්වූ අතර මෙම මුහුණු ආවරණවලින් බන්දුල ගුණවර්ධන  විසින් ආරම්භ කරන ලද ප්‍රඥා බන්දු නම් අරමුදලකට රුපියල් දෙකක් අය කර ගන්නා බවට ප්‍රචාර පල විය.

මේ සම්බනධදයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කළ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ලලිත් ඇතුළත්මුදලි හිටපු වෙළෙඳ හා නාවික අමාත්‍යතුමා තම පෞද්ගලික අරමුදල් යොදා අද සුවිසල් අරමුදලක්ව පවතින මහපොල ආරම්භ කළාක් මෙන් තමන්ද තාක්ෂණ විෂය ධාරාව හදාරන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටවූ බවය

එහි භාරකාර මන්ඩලය  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු විදවතුන්, ව්‍යාපාර නායකයන් රාජ්‍ය නිලධාරීන් ගණනාවක් නියෝජනය කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අරමුදල පිහිටුවීමේදී බොහෝ දෙනකු උපකාර කළ බවත් සීමාසහිත හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රිස් සභාපති වෛද්‍ය හෙට්ටිගොඩ මහතා දස ලක්සයක මුදලක් ලබා දුන් බවද ඔහු එහිදී සිහිපත් කළේය.

Exit mobile version