නැගෙනහිර පර්යන්තයෙන් සියයට 49ක් ඉන්දියාවට දීමට සිදුවන බව ජනපති කීවා

වෘත්තීය සමිති නියෝජිතයෝ කියති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නව ව්‍යාපෘතියේ අයිතියෙන් සියයට 49ක් ඉන්දියාවට දීමට සිදුවන බව ජනාධිපතිවරයා තමන් සමඟ ප්‍රකාශ කළ බවත් ඉන්දියාවේ සහභාගීත්වයක් නොමැතිව මෙමබපර්යන්තය දියුණු කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙනු ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමඟ ප්‍රකාශ කළ බව එම රැස්වීමට සහභාගී වූ වෘත්තීය සමිති නියෝජිතයෝ ලංකාසර ට පැවසූහ.

අද පෙරවරු 11ට ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම කැඳවා තිබු අතර කොළඹ වරායේ ඇති වෘත්තීය සංගම් 23ක නියෝජිතයන් එම ස්ථානයට ගියද සාකච්ඡාව සඳහා සහභාගී කර ගැනුණේ ප්‍රධාන ක්‍රියාකාරී වෘත්තීය සංගම් 14ක් බවත් සඳහන් කළ මෙම නියෝජිතයෝ එහිදි ඉන්දියාව ට මෙම නැගනහිර පර්යන්තය ලබා දිමේ උපායමාර්ගික වැදගත්කම පිළිබඳව තමන්ට දීර්ඝ වශයෙන් කරුණු පෙන්වා දුන් බව ඔවුහු සඳහන් කළහ.

ජනාධිතිවරයාගේ මෙම අදහස් දැක්වීමට එම ස්ථානයට ගිය වරාය නියෝජනය කරන ආණ්ඩුවට සහය පළ කරන වෘත්තීය සංගම් පවා එකඟතාවක් පළ කර නැති බවත් මෙම පර්යන්තය ශ්‍රි ලංකාවට තනිවම සංවර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතින බවත් එම ස්ථානයට ගිය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිතියක නියෝජිතයෙන් අප සමඟ පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද ඔවුන් දැක්වූ අදහස් ජනාධිපතිවරයා නොපිළිගත් අතර මෙම ව්‍යාපෘතිය මෙම සාකච්ඡාව සඳහා රජයේ පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි ජයසුන්දර, අමාත්‍යංශ ලේකම්වරයා, වරාය අධිකාරියේ සභාපති දයා රත්නායක, වරාය අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.ඒ ප්‍රේමචන්ද්‍ර ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙක්ද සහභාගී වූහ.

Exit mobile version