නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පසුගිය මස තුළ කොවිඩ් මවුවරුන්ගේ දරු උපත් 40ක්…

නතාෂා නෙත්මිණි  – 

නැගෙනහිර කොළඹ මූලික රෝහල තුළ දෙසැම්බර් 01වන දා සිට 31 වෙන දා දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිත මව්වරුන් 38 දෙනෙක් දරුවන් 40ක් ප්‍රසූත කළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කරයි.

අසාදිත තත්ත්වයට පත් වූ මේ සියලුම මව්වරුන් නිරෝගි දරුවන් බිහිකළ අතර  දරුවන් දෙදෙනෙකුට පමණක් කොවිඩ් වෛරසය ආසාදනය වූ බව වෛද්‍යවරයා සඳහන් කළේය.

දරුවන් බිහිකළ මව්වරුන් 38 දෙනාගෙන් එක් මවක් නිවුන් දරුවන් බිහිකළ කර ඇත.


නැගෙනහිර කොළඹ මූලික රෝහලට වෙනත් රෝහල්වලින් මාරුකර එවූ මේ සියලුම ආසාදිත මව්වරුන් විවිධ සංකූලතාවන්ගෙන් පෙළුන නමුත් බොහෝ දෙනෙක් මේ වන විට දරුප්‍රසූතියෙන් පසු    නිවෙස් කරා ගොස් ඇතැයිද වෛද්‍ය දෙවොලගේ  පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version