නාවික හමුදාව සැකසහිත බෝට්ටු පරීක්ෂාව වැඩි කරයි

දිනසේන රතුගමගේ:

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පිහිටි උතුරු මුහුදේ මුර සංචාර කටයුතු හා සැකසහිත බෝට්ටු පරීක්ෂා කිරීම 15 දා සිට වැඩි කොට ඇතැයි උතුරු නාවික විධානය සදහන් කරයි.

ඉන්දියාවේ පළාත් ගණනාවක් පුරා කොරෝනා රෝගය පැතිර යාමත් සමගම ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් මෙන්ම ඉන්දීය ජාවාරම්කරුවන් බෝට්ටු මගින් උතුරු පළාතට පලා ඒමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබීමත් සමගම නාවික හමුදාව මේ තීරණය ගෙන තිබේ.


ඉන්දියාව සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කරණ යාපනයේ පුද්ගලයෙකු කොරෝනා ආසාධිතයෙකු බවට සැක කිරීමත් සමගම නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

මේ පිළිබදව කළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ඉන්දියාවේ සිට විශාල පිරිසක් අනවසරයෙන් බෝට්ටු මගින් උතුරු පළාතට පැමිණීමට සූදානමින් සිටින බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සදහා සංවිධානාත්මක ඉන්දීය ධීවරයින් පිරිසක් සිටින බවත් ඔවුන් එක් පවුලක් උතුරු පළාතට රැගෙන ඒම සදහා ඉන්දීය රුපියල් 3000 ත් 4000 ත් අතර මුදලක් අයකරණ බවත් හෙළි වී තිබේ.
මේ පිළිබදව තොරතුරු ලැබීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව උතුරු මුහුදු කළාපයේ සෝදීසි මෙහෙයුම් වැඩි කොට තිබේ.

Exit mobile version