නාවික හමුදාවේ කොවිඩ් මඩින්න විශේෂඥ වෛද්‍යවරු 4ක කණ්ඩායමක්

ආසාදිතයන් හමුවෙන්නෙ නාවික හමුදාවෙන් විතරයි - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කියයි

dr anil jasinghe

රුසිරු ලක්ෂාන් ද සිල්වා –

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවා ගිය ද රෝගය පාලනය කිරීම සාර්ථක බවත්,  මේ වනවිට නාවික හමුදාවෙන් හමුවන රෝගීන් හැරුණු විට බාහිර සමාජයෙන් කිසිදු රෝගියෙක් වාර්තා නොවන බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

නාවික හමුදාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට හයසියය (600) ඉක්මවා ගොස් ඇති අතර නාවික හමුදාව තුළ මෙය පැතිරීම වළක්වා ගැනීම හා ඉන් පිටතට පැතිර යෑම වැළැක්වීම සඳහා සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වැඩි අවදානයක් යොමු වී තිබෙන බව ඔහු පැවසීය.

වර්තමානය වනවිට මෙරට කොරෝනා ව්‍යාපතිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින්  මේ බව අනාවරණය කළේය. ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය මේ වනවිට පාලනය කර ඇති බවය.


නාවික හමුදාව තුළ කොරෝනා ව්‍යාප්තිය නවත්වා ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරු හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙන බවත්, ඔවුන් කළ යුතු කාර්යය පිළිබඳව නිසි උපදෙස් නිරතුරුව නාවික හමුදා නිලධාරීන්ට ලබා දෙන බවත් ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ (20) දිනය වනවිට මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1028 දක්වා ඉහළ ගිය අතර දැනට සිදු කර ඇති PRC පරීක්ෂණ ක්‍රමයෙන් වැඩි කර තබේ.

Exit mobile version