නාවක්කුලමට දිවි ප්‍රහාරයක්… ඊයේ ගවයන් 6යි…. පහුගිය මාස 2ට 26 යි

දිනසේන රතුගමගේ –

වවුනියාවේ ඕමන්ත නාවක්කුලම් ප්‍රදේශයට ඊයේ (01) කඩා වදුණු දිවියෙක්  පළාතේ ගොවීන්ගේ ගවයින් හය දෙනෙකු  මරා දමා තිබේ.

ගම් වැසියන් පවසන්නේ ඒ අසල කැළයේ වන දිවියන් හය දෙනෙකු පමණ වාසය කරණ අතර ඔවුන් වරින් වර ගමට පැන ගම්වැසියන්ගේ ගවයින් මරා දමන බවයි.

ගව ගාල් වල සිටින විශාල ගවයින් දිවියන් විසින් ඇදගෙන ගොස් කා දමා ඇති අතර මියගිය ගවයින්ගේ මළ සිරුරු ප්‍රදේශය පුරා තැනින් තැන දක්නට ලැබෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් මාස දෙකක කාලය ඇතුලත වවුනියාව ඕමන්ත නාවක්කුලම ප්‍රදේශයේ ගවයින් විසිහත් දෙනෙකු දිවියන් විසින් කා දමා තිබේ.

Exit mobile version