නාම පුවරුව චීන හා ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි – වවුනියාව නගර වැසියන්ගේ විරෝධය

දිනසේන රතුගමගේ:

වවුනියාව දුම්රියපල පාරේ වෛරවපුලියන්කුලම ප්‍රදේශයේ පිහිටුවන ලද කාර්යාලයක නාම පුවරුව චීන හා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් යොදා තිබීම පිළිබදව වවුනියාව නගර වැසියන්ගේ විරෝධය එල්ල වී තිබේ.

නගරවාසීන් පවසන්නේ වවුනියාවේ වෙසෙන ජනතාවගේ ප්‍රධාන භාෂාවන් වන්නේ සිංහල හා දෙමළ වූවත් නාම පුවරුවට චීන හා ඉංග්‍රීසි භාෂාවන් පමණක් යොදා තිබීම බරපතල වරදක් බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු පළාතේ මාර්ග සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු සදහා චීන සමාගමක් විසින් මේ කාර්යාලය පිහිටුවා ඇති අතර එහි නාම පුවරුව යෙදීමේදී රාජ්‍ය භාෂා කොමිසම විසින් නිර්දේශ කොට ඇති නිර්නායක පවා සැලකිල්ලට ගෙන නොමැති බව වවුනියාව නගර වාසීන් කියා සිටියි.

Exit mobile version