නාමල් වැඩ පටන් ගනී…. තේරුම් කමිටු සභාපති, භෞත චිකිත්සක,ශාරීරික අභ්‍යාසක ගෙදර යවයි..

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නියෝගය පිට  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන් අසන්තා ද මැල් ඉවත් වී තිබේ.

ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝගය පිට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාර තනතුරෙන් පළමුව ඉවත් වූ අසන්ත ද මෙල්  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිධූරයෙන්ද මේ වනවිට ඉවත් වී ඇත ඇත. ඒ අනුව අසන්ත ද මැල් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කර තිබේ.

මේ වනවිට එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය මුල් කරගෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධනගේ උපදෙස් මත  නව තේරුම් කමිටුවක් පත් කරගැනීමේ කටයුතු ආරම්භ කර ඇත.


මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය හා ශරීර යෝග්‍යතාව ගැනත් වැඩි අවධානයක් යොමු කිරීමටත්   දක්ෂතා මත ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවීම් සිදු කිරීමට නව ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමටත් ඇමතිවරයා  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දී තිබේ.

තවද  ශ්‍රී ලංකා ක්‍රිකට්  හි භෞත චිකිත්සක පෝල් කූරි හා ශාරීරික අභ්‍යාසක ක්‍රිෂාන්ත ගමගේත්  කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අභ්‍යාසක ලෙස සිටි එස්. අජන්තත්   එම තනතුරුවලින් ඉවත් කර තිබේ.

තිසර පෙරේරාගේ යෝග්‍යතා දත්ත වෙනස් කිරීම සම්බන්ධව එල්ල වූ චෝදනා මත භෞත චිකිත්සක පෝල් කූරි හා ශාරීරික අභ්‍යාසක ක්‍රිෂාන්ත ගමගේ    තනතුරුවලින් ඉවත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ සිදුවීම වනවිට පෝල් කූරිගේ කොන්ත්‍රාත් කාලය ද නිමා වූ බව පැවසේ.

Exit mobile version