නාමල් අනුරාධපුර දෙමළ සිරකරුවන් බලන්නට යෑම සාධනීය තත්වයක්… ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් කියයි!

දිනසේන රතුගමගේ-

අනුරාධපුර බන්ධනාගාරයට ගොස් නාමල් රාජපක්ෂ ඇමතිවරයා දෙමළ සිරකරුවන් ගැන සොයා බැලීම ඉතාම සාධනීය තත්වයක් ලෙස තමන් දකින බව දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා ඊයේ (16) පැවසුවේය.

හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා බේරා ගැනීම සඳහාත් බන්ධනාගාරයේ නිලධාරීන්ගේ බේරීම සඳහාත්   බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ට විවිධ තර්ජන එල්ල විය බැවින් එය වළක්වා ගැනීම සඳහා අනුරාධපුර බන්ධනාගාරයේ සංචාරයක නිරත වූ  බව ප්‍රකාශ කළ පොන්නම්බලම් මන්ත්‍රීවරයා එම සංචාරයෙන් පසු මාධ්‍ය අමතා නාමල් රාජපක්ෂගේ සංචාරයේ සාධනීය බව ගැන ප්‍රකාශ කළේය.

අනුරාධපුර බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරයා දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන්ට මේ අවස්ථාවේදී පූර්ණ ආරක්ෂාව සලසා දෙන ලෙසත් එහි බලධාරීන්ගෙන්   ඉල්ලා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිදුවන දේ සම්බන්ධව තමන් ලෝක ප්‍රජාව සමග සම්බන්ධ වී විමසිල්ලෙන් බලා සිටින බව ද ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා කීවේය.  

 

Exit mobile version