නාමල්ගේ යෝජනාව … සිස්ටම් එකට නිවැරදි කරන්න…  ඇමති මාරු කරලා හරියන්නේ නෑ..

namal

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා එම වැරැද්ද නිවැරදි කර වැරදි කළ අයට දඬුවම් දෙනවා මිස ප්‍රශ්නයට විසඳුමක් සේ ඇමතිවරයා මාරු කිරීම තේරුමක් නැති කටයුත්තක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්.

“ ඖෂධ ආනයනය සම්බන්ධ ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. බැවින් නැවත නැවත සිද්ධ වෙන මේ ගැටලු නිරාකරණය කිරීමට දැඩි ස්ථාවරයක පිහිටා කටයුතු කළ යුතුය. රටට අවශ්‍ය වන්නේ කෙටි කාලීන විසඳුමක් නොවෙයි.     ස්ථාවර හා දීර්ඝකාලීන විසදුමක්…”   නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පැවසුවේ  අමාත්‍යවරුන් මාරු කිරීමෙන් පමණක්මේ  ගැටලු විසඳිය නොහැකි බවය.


Exit mobile version