නාගපූෂණී කොවිලේ පූජාවට පැමිණ බැතිමතුන් බය කළ දැවැන්ත නාගයා…

දිනසේන රතුගමගේ

යාපනයේ නාගදීප විහාරස්ථානය අසල පිහිටි ශ්‍රී නාගපූෂණී අම්බාල් කෝවිලේ 5 දා දහවල් පූජාව තබමින් සිටියදී එම ස්ථානයට දුඹුරු පැහැති දැවැන්ත නාගයෙකු පැමිණීමත් සමගම පූජාව තබමින් සිටි කීප දෙනා බියට පත්ව දිවගොස් තිබේ.

මෙම නාගයා සාමාන්‍ය නාගයෙකුට වඩා විශාල බවත් වර්ණයෙන් වෙනස් බවත් පවසන කෝවිලේ පූසාරීවරු එම නාගයාගෙන් කවරෙකුටවත් හානියක් සිදු නොවන බවක් පෙනෙන්නට ඇතැයි කියා සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.




පූජාව පවත්වා අවසන් වන තුරු එම නාගයා කෝවිල අසල රැදී සිට පූජාවට තබා තිබූ එලකිරි සියල්ල පානය කොට ඉවතට ගියද නාගයා තවමත් කෝවිලේ රැදී සිටින බවද පූසාරීවරු පැවසූහ.

මෙම කෝවිලේ වාර්ෂික මංගල්ලය මේ මස 10 වෙනිදා සිට ආරම්භ වීමට නියමිතව ඇතත් සංචරණ සීමා නිසා එම උත්සවයට මේ දක්වා අවසර ලැබී නොමැත.

Exit mobile version