නව මුදල් ඇමතිගෙන් සති 06කින් නව අයවැයක්….

ඉදිරි සති හය ඇතුළත නව අන්තර්කාලීන අයවැයක්   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නව මුදල් ඇමති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

මෙතෙක් මුදල් ඇමති ධුරයක් හොබවා නැති රනිල් වික්‍රමසිංහ අද (25) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ශ්‍රී ලංකාවේ නව මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ සිට නව අයවැය සැකසීම සහ ඊට අදාල කටයුතු මෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ ආර්ථික විශේෂඥයින්    සමග අග්‍රාමාත්‍යවරයා  සාකච්ඡා ආරම්භ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ඉදිරි සති හය ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ජනතාවට සහන දීම ප්‍රමුඛ අරමුණ කරගත් අයවැයක් බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.


Exit mobile version