නව මහබැංකු අධිපති කබ්රාල්ට කැබිනට් බලතල නැහැ

පොදුජන පෙරමුණේ ලේකම් කියයි

නව මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාට කැබිනට් ඇමතිවරයෙකුගේ බලතල ලබා නොදෙන බවත් ඔහු‍ට එවැනි කැබිනට් බලතලයක් ලබාදීමේ හැකියාවක් නොමැති බවත් පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද පැවසීය.

කැබිනට් තනතුරක් යනු විධායකය නියෝජනය කරන තනතුරක් වන බවත් එය ඇමතිවරයකුට පමණක් ලැබෙන බලතලයක් බවද සාගර කාරියවසම් මහතා, අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එවැනි තනතුරක් අපේක්ෂා නොකරන බවද සඳහන් කළේය.

නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සාගරිකා සාගර කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කළේ මේ මොහොතේ රටේ පවතින ආර්ථික තත්ත්වය අසාමාන්‍ය අභියෝගකාරී තත්ත්වයක් බැවින් කබ්රාල් මහතාට ඉතා විශාල වගකීමක් පැවරෙන බවත් එම වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් ඔහු තමන්ට අතිරේක කාර්ය මණ්ඩල ආදිය ඇතැම් විට ඉල්ලුම් කිරීමට ඉඩකඩ ඇති බවත් තමන් ඒ පිළිබඳව ද නිසි ආකාරයෙන් නොදන්නා බවය.


කෙසේ වුවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද දින පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී මහබැංකු අධිපති හා තුළ වැඩ භාරගැනීමට නියමිත බවද සඳහන් කළේය.

ඒ වෙනුවට කැටගොඩ මහතා පත් කිරීමට ජන පෙරමුණ මේ වන විට තීරණය කර ඇති බවද සඳහන් කළේය.

එසේම අජිත් නිවාඩ් කබ්රාල් මහතා විශාල විශ්‍රාම වැටුපක් ඉල්ලු බවට වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ අවස්ථාවේ දී ඔහු සඳහන් කළේ හිටපු මහබැංකු අධිපතිවරයා ලෙස ඔහු තමන්ට හිමි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් පසුගිය රජය කාලයේ කළ ඉල්ලීමක් පිළිබඳ මේ දිනවල කතා බහට ලක්ව ඇති බවයි.

එය බොහෝවිට කබ්රාල් මහතා මහ බැංකු තනතුරට වැඩ බාරගන්නා බවට ආරංචි වීමෙන් පසු මතු වූ කරුණක් වන්නට ඇති බවත් තමන් ඒ පිළිබඳ වැඩිදුර යමක් නොදන්නා බවත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට යළිත් ඔහු මහබැංකු අධිපති ධුරයේ වැඩ භාරගන්නා බැවින් ඔහුට මෙම විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් වූ ගෙවීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් එම විශ්‍රාම වැටුපට හිමිකමක් නොමැති බවත් සාගර කාරියවසම් මහතා සඳහන් කළේය.

Exit mobile version