නව පාසල් වාරය ඇරඹුණු පසු ගාල්ලේ සිසු දරු දැරියන් 43කට කොවිඩ්

ලලිත් චාමින්ද –

නව පාසල් වාරය ආරම්භ වි  පෙරේදා (26) දිනය වනවිට  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට  කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි  පවසයි.

  මේ අතුරින්  ජනවාරි 13 සිට 26 දක්වා ගතවු දින 14 ක කාලය තුල පාසල් දරු  දැරියන් 38 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ඒ ඔහු කියයි. වැඩිම කොරෝනා ආසාදිත සිසු දරු දැරියන් පිරිසක් වාර්තාවන්නේ  බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බව සදහන් කළ ඔහු  එම සංඛ්‍යාව 17ක් බවද  ම පෙන්වා දෙයි. 

එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පාසල් 05කින් මෙම ආසාදිත දරු දැරියන් වාර්තා වි ඇත. ගිංතොට  ප්‍රදේශයේ පාසලක සිසු දරු දැරියන් 12 නෙකුට කොවිඩ් වෛරසය අසාදනය වි ඇති බවද හෙතෙම පවසයි.   ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදනය වි ඇති  මෙකි සිසු දරු දැරියන්ගේ මව හා පියා ආසාදනය විම නිසා දරුවන් පළමුපෙළ ආශ්‍රිතයින් වු අය බව පවසන ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා  මෙම දරු දැරියන් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටි  අය බවද හෙතෙම පෙන්වා දෙයි. 


බලපිටිය සෞඛය වෛද්‍ය නිලධාරි කොට්ඨායෙන්  පාසල් දරු දැරියන් 04ක්, අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 01 අයෙකු  බොපේ පොද්දලින් 17ක්,. බෙන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 01ක්, හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  03ක්, හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් 02ක් හා ඉමදුව හා කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ දෙකෙන් සිසු දරු දැරියන් 01 බැගින් වාර්තා වි ඇත.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල මහනගර සභා බලප්‍රදේශයෙන්  05 නෙකු, නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන්  04 දෙනෙකු,  රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  02නෙකු සහ  උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  02නෙකු වාර්තා වි ඇත. ගාල්ල නගරයේ පිහිටි බාලිකා පාසලක ගුරුවරියකටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති අතර   කොරෝනා ආසාදිත සිසු දරු දැරියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සිසු දරුවන් 38 දෙනෙකු හා ගුරුවරුන් 13 දෙනෙකු හදුනාගෙන ඇති බවද ඒ ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version