නව ජනපති ලෙස පාර්ලිමේන්තු පරිශ්‍රයේ දිවුරුම් දෙන්න අවස්ථාවක් දෙන්න – රනිල් කථානායකගෙන් ඉල්ලයි !

ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනනරජයේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ      පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ  දිවුරුම් දීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට කථානායකවරාගෙන් ඉල්ලීමක්   කළේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

“ අප සතුටු විය යුතුයි. මේ පාර්ලිමේන්තුව තුළ සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව නව ජනාධිපතිවරයකු බිහි කර ගැනීමට අපට අවස්ථාව ලැබුණා. මේ වගේම අවස්ථාවක් 1994 දීත් මට ලැබුණා අගමැතිවරයා ලෙස සියලු පක්ෂවල එකඟත්වයෙන් අගමැති ධුරයට පත් වෙන්න.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපි පසුගිය පැය 48 තුළ බෙදුණා. ඒ ජනාධිපති ධුරය සඳහා. එය දැන් ඉවරයි. අපට දැන් තිබෙන්නේ සියලු දෙනා එක්ව මේ රට ගොඩ නගන්නයි. මේ සඳහා සමස්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සියලු දෙනා එක් විය යුතුයි.   මම මේ පාර්ලිමේන්තුවේ සිටින සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන්  ඒ සඳහා එක්වන ලෙස ඉල්ලීමක් කරනවා“.


Exit mobile version