නව චක්‍රලේඛයකින් පසු යළි කොවිඩ් පාලනයට PHIලා එකඟ වෙති

දැනට පවතින නිරෝධායන පනතේ රෙගුලාසි වෙනස් කිරීමකින් තොරව නව චක්‍රලේඛයක් මගින් බලතල පැවරීමෙන් කොවිඩ්-19 පාලනය කටයුතු සහ මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය උපදේශන ගැසට් පත්‍රයට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය එකඟතාව පළ කර තිබේ.

ඒ ඊයේ දින උදෑසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවති සාකච්ඡාවේ දී ය.

දැනට පවතින නිරෝධායන පනතේ රෙගුලාසි වෙනස් කිරීමකින් තොරව නිසි බලධාරියාගේ ඇතැම් බලතල නිසි බලධාරියාගේ අධීක්ෂණයට හා නියෝගයන්ට යටත්ව දෙපාර්තමේන්තුව චක්‍ර ලේඛයක් මගින් පැවරීම සඳහා නිරෝධායන පනතේ ප්‍රතිපාදන දැනටමත් ඇති බවට එකඟ වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ ක්ෂණික ක්‍රියාමාර්ග ගෙන අදාළ චක්‍රලේඛය වහාම නිකුත් කිරීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපේක්ෂා කරයි.

Exit mobile version