නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත් සති 02න් නිමයි… ඇමති ජී.එල්. කියයි!

GL-Peiris

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ මූලික කෙටුම්පත සකස් කිරීම සඳහා ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව එහි වැඩ කටයුතු දෙසතියක පමණ කාලයකදී අවසන් කිරීමට නියමිත බවත් එය රජයට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත යොමු කරන බවත්

විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල් පීරිස්  පවසයි

එළඹෙන ජනවාරි මාසය වන විට එය සූදානම් කිරීමට හැකිවෙතැයි අපේක්ෂිත බවද හෙතෙම කියයි.


පළාත් සභා මැතිවරණය පැවැත් වීමට නොහැකි වී තිබෙන්නේ යහපාලන ආණ්ඩුව එය පැවැත් වීමට නොහැකි තත්ත්වයකට නීති  වෙනස් කිරීම නිසා බවත් ඔවුන් පැවැති නීතිය වෙනස් කළ නමුත් නව නීතියක් ගෙනාවේ නැති බවත්  අමාත්‍යවරයා කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයෙ (07) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා  එසේ කීවේය.

Exit mobile version