නවුෆර් මවුලවි වෙනුවෙන් වජිර අබේවර්ධන පෙනී සිටී…

 

අංජුල මහීක වීරරත්න

පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවටවත් නොකැදවූ නවුෆර් මවුලවි හිටි හැටියේම පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වූවේ කෙසේදැයි එක්සත් ජාතික පක්ෂ සභාපති  වජිර අබේවර්ධන  ඊයේ (08) ප්‍රශ්න කළේය.

නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය වූ දින රාත්‍රියේම යහපාලන ආණ්ඩුව යටතේ බව පැවසු වජිර අබේවර්ධන   මෙම සැකකරු පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර සහරාන් සමග ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් ඔවුන්ගෙන් ඉවත්වූ බවට පරික්ෂණවලදී හෙළිව ඇතැයිද කීවේය.


පාස්කු දින ප්‍රහාරයට අකමැත්ත පළකරමින් ඉවත් වූ පුද්ගලයා ප්‍රහාරයේ මහමොලකරු නම් ඔහු අනිවාර්යයෙන්ම පාස්කු කොමිසමට කැදවා ප්‍රශ්න කළ යුතුව තිබු නමුත් එලෙස කටයුතු නොකළේ කාගේ බලපෑමෙන්දැයි රජය වහාම ප්‍රකාශයක් කළ යුතුයැයිද සභාපතිවරයා කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නවුෆර් මවුලවි ප්‍රහාරයේ මහමොළකරු බවට රජයේ පාර්ශවයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීවේය. විදෙස්ගත පුද්ගලයන් හා විදෙස්ගත බුද්ධි අංශ ගැන විමසා බලන ලෙස පාස්කු වාර්තාවේ සදහන් වෙද්දි නවුෆර් මවුලවි මහමොළකරු ලෙස හැදින්වීමට හේතු සාධක මොනවාදැයි රජය ජනතාවට කරුණු ඉදිරිපත් කළ යුතුව ඇතැයි ද සභාපතිවරයා කීවේය.

 

Exit mobile version