නවාතැන් ගත් තරු හෝටලය ඉදිරිපිට දී අහේතුකව විදෙස් යුවලකට පහර දීලා… සැකකරුවන් 03ක් අත්අඩංගුවට….

සුමිත් පොතුපිටිය –

මෙරට සංචාරයක් සදහා පැමිණ සිටී විදෙස් යුවලකට අසභ්‍ය වචනයෙන් බැනවැදී  පහරදීම සම්බන්දයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව අළුත්ගම පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අළුත්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බව පොලිසිය කීය.

අල්සම්මාර් නවාෆ් මුෆ්ලි නමැති සෞදි අරාබි ජාතික පුද්ගලයෙක් විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 15 දා සංචාරයක් සදහා දිවයිනට පැමිණ සිටී යුවල බේරුවල මොරගල්ලේ පිහිටී ප්‍රසිද්ධ තරු පංතියේ හෝටලයකට පැමිණි පසුදින රාත්‍රි  හෝටලයේ කෝපි අවන්හලක්   අසල රැඳී සිටියදී ශ්‍රී ලාංකික පුද්ගලයන් තිදෙනෙකු ස්ථානයට පැමිණ ඇති බව පොලිසිය පවසයි.


එහිදී එක් පුද්ගලයකු කිසිම හේතුවක් නැතිව  විදෙස් කාන්තාවට අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති අතර, විදේශිකයා අරාබි භාෂාවෙන් ඇයි මොකද ? යනුවෙන් විමසා තිබේ. එහිදී උරණවූ  පුද්ගලයකු අරාබි ජාතිකයාගේ මුහුණට පහරදී ඇති බව  පොලිසිය කියයි.

එය පාලනය කිරීමට මැදිහත්වූ විදෙස් කාන්තාවටද  සැකකරුවන් විසින්  පහරදී ඇති බව ඇයගේ ප්‍රකාශ වලින් පෙනීගිය බවද පොලිසිය සඳහන් කරයි.

පහරදීමෙන් පසු සැකකරුවන් පලාගොස් සිටී අතර හෝටලයේ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත්   අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.කේ.රත්නසිංහම් අගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වයි.

Exit mobile version