නවක වදය මුලිනුපුටා දමනවා – පේරාදෙණියේ මහා ශිෂ්‍ය සංගම් සභාපති කියයි

නවක වදය ශිෂ්‍ය සංගම් අනුමත නොකරන බවත් එවැනි පසුගාමී සංස්කෘතික ලක්ෂණ විශ්වවිද්‍යාලයෙන් මුලිනුපුටා දැමීමට උපරිම මැදිහත් වීම සිදුකරන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ පවසයි.

පටු දේශපාලනික අරමුණු මුදුන් පමුණුවා ගැනීමට යම් පිරිසක් උත්සහ කළ ද නවක වදය සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් ශිෂ්‍ය සංගම් විසින් සිදු කොකරන බවද හෙතෙම කීය.

පසුගිය 14 දා ඇතිවූ ගැටුම නවක වදය හා සම්බන්ධ කර නොගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම නවක වදය= මුල්කරගිනිමින් සිදුවූවක් බවට අසත්‍ය ප්‍රචාර යවමින් සමස්ත විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ප්‍රජාව අපකීර්තියට පත්කිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව ද හෙතෙම කීය.

මැතිවරණ කාලවලදී කොටි නැගිටීම් පිළිබඳ ප්‍රශ්න මතුවන ආකාරයට විශ්වවිද්‍යාල වලට නවක සිසුන් බඳවා ගන්නා කාලයේදී නවක වධය හා සම්බන්ධ ප්‍රශ්න කරළියට එන බවද ඔහු ප්‍රකාශ කළේය.

පේරාදෙණියේදී අද (22) පැවැති මාධ්‍ය හමුවකදී විදානගේ සිසුවා මේ බව පැවසුවේය.

විශ්වවිද්‍යාල තුළ ඇතිවන කුමන හෝ ගැටුමක් නව වධය හා සම්බන්ධ කර හුවා දක්වමින් සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාව අපකීර්තියට පත්කිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් පසුගිය 14 වැනිදා සිදුවූ සිද්ධිය ඊට කදිම උදාහරණයක් බවත් හෙතෙම කීවේය.
පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ශිෂ්‍ය සංගම් වලට හා ඒවාහි නාකයින්ගේ ප්‍රතිරූපයට හානිවන ප්‍රචාර පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ශිෂ්‍ය නාකයින්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කරමින් ගෙනගිය බවත් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දැනුම්වත් කර පේරාදෙණිය පොලීසියට පැමිණිලි කර තිබෙන බවත් පසුගිය 14 වැනි දින ගැටුම ඇතිවන්නේ මෙවැනි පසුබිමක බවත් ඔහු අවධාරණය කළේය.

කිසිදු අවස්ථාවක කුමන හෝ පාර්ශවයක් අතර සිදුවන ගැටුම් ශිෂ්‍ය සංගම් විසින් අනුමත නොකරන බවත් ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වන්නේ සමස්ත විශ්වවද්‍යාල සිසුන්ගේ සුබසෙත සඳහා බවත් කී විදානගේ සිසුවා මෙවැනි සිදුවීම් ශිෂ්‍ය ප්‍රජාවගේ සාමුහික පැවැත්මට බාධාවක්ද ප්‍රකාශ කළේය.

සමාජයේ කොපමණ ගැටුම් තිබුණත් විශ්වවිද්‍යාල සිසුන් අතර සුළු ගැටුමක් ඇතිවූ සැනින් ඒ සම්බන්ධව මාධ්‍ය වල අවධානය යොමුවන බවද ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිසු අයිතිවාසිකම් වෙනුවෙන් කොන්දේසි විරහිතව තම සංගමය පෙනී සිටින බවත් 14 දින ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් පවත්වන පරීක්ෂණයේ ප්‍රතිපල අනුව කවුද හරි කවුද වැරදි යන්න තීරණය වනු ඇති බවත් කී ශිෂ්‍ය සංගම් සභාපතිවරයා අප උත්සහ කළ යුත්තේ නැවැත මේ ආකාරයේ ගැටුම් ඇති නොවන ලෙස කටයුතු කිරීමට බවද පැවසුවේය.

Exit mobile version