නලුවෝ සහ ගායකයෝ විමල් වෙනුවෙන් කතා කරති

“කළගුණ සළකමු මුල අමතක නොකරමු” තේමා පාඨය ඔස්සේ අමාත්‍ය විමල් වීරවංශ මහතාට ආණ්ඩු පක්ෂ තුළින් පැනනැගී ඇති විරෝධතා පිළිබඳ අමත්‍යවරයාට පක්ෂව කලාකරුවෝ පිරිසක් අද මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූහ.

මේ එහිදී අදහස් දැක්වූ රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක මහතා,

“අපි හිතුවා ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මේ ජනාධිපති පුටුවට තිබ්බට පස්සේ එක රටක් එක නීතියක් කියන ඒ සංකල්පය මත ක්‍රියාත්මක වෙයි කියලා. මට මෙතැනදී පක්ෂ භේදයක් නෑ. මට වටින්නේ මගේ රට. මේ රට වෙනුවෙන් පෙනී සිටින, ජාතිකත්වය කියන මතයේ ඉන්න මේ රටට ආදරය කරන එහෙම ලේ ඇඟේ දුවන දේශපාලකයෙක් විදියට මම දකින්නේ ගරු විමල් වීරවංශ ඇමතිතුමා.


ඒ නිසා ඔහු වෙනුවෙන් ඔහුට අසාධාරණයක් සිද්ධ වෙන හැම තැනදීම කලාකරුවෙක් විදියට ඉදිරිපත් වෙන්න අපි පැකිලෙන්නෙ නෑ. ඒ වගේම මේ රටට අද නිදහසේ හුස්ම ගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා දුන්න ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට අපි ගරු කරනවා. ඒ වගේම මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ ආණ්ඩුව ඇතුළේ මෙවැනි සිද්ධ වෙන අසාධාරනකම්වලට තවදුරටත් ඉඩ දෙන්න එපා.

20 සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවයට විමල් වීරවංශ මැතිතුමා එරෙහි වෙනකොට මේ රටේ මිනිස්සු ඇස් කන් පේන්නැද්ද එම නැත්තං ඔලමොට්ටල නෙවෙයි. මේ 69 ඡන්දෙ දුන්නෙ මේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව ගැන හිතලා. පවුලක් ගොඩ යන්ඩවත් තව කාගෙවත් මල්ල පුරවන්න වත් නෙවෙයි. මේ අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. ඒක නිසා ද්විත්ව පුරවැසිභාවය සම්මත කරන අවස්ථාවේදී මුළු රටම කතා කරා. රටට මෙච්චර ආදරේ කරන නම් පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාවේ කොහොමද ඒම ද්විත්ව පුරවැසිභාවය තියන මනුස්සයෙක් ඉඳගන්නේ කියලා විමල් වීරවංශ මැතිතුමා එකට විරුද්ධව කතා කරා. දැන් මෙතනට ඇවිල්ල තියෙනවා නැගෙනහිර ජැටිය. ඒ වෙනුවෙන් මේ ජනතාවගේ මතය නියෝජනය කරමින් විමල් වීරවංශ මැතිතුමා කතා කරන්න්නනේ.

දැන් ඊ ගාව ප්‍රශ්නෙ එන්න කලින් මේ සැඟවුණු අමුත්තෙක් ඉන්නවා. ඔහුට උවමනා කරල තියනවා විමල් වීරවංශ මැතිතුමාව මෙතනින් අයින් කරන්න. මං හිතන්නෙ නෑ ඔහුට ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔහුගේ හෙංචයියෝ මම දැක්කා කතා කරනවා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා. මම දකිනවා ඒක නිකන් අර උඩ බුරනවා වගේ අදහසක්. ඔවුන්ගේ හිත ඇතුලෙ විමල් වීරවංශ ඇමතිතුමාට එහෙම ලොකුම ඉදිරි වාදකමක් මං මට පේන්න නෑ. නමුත් අඬගහලා කියලා තියෙනවා උඹලා ගිහිල්ලා මෙහෙම කියලා බැනපල්ලා කියලා.

මේ මාධ්‍ය සාකච්ඡාවට මෙතැනට එන්න කලින් ඉඳලා මම මේක සහ සෝෂල් මීඩියා වල නම් කතා කරන්න හිතාගෙන හිටිය නමුත් මං හිතුවා ඒකට හොදම තැන ද මෙතන කියලා මොකද මේ ආණ්ඩුව හැට ලක්ෂයක් ගෙනල්ලා මෙතනට තිබ්බේ කාටවත් ඕන දේවල් කරන්න නෙවෙයි.

මම බලාපොරොත්තු වුණේ සංජීව එදිරිමාන්න වගේ නවක මන්ත්‍රීවරු මෙතනට ගිහිල්ල වෙන කාගෙවත් අතකොලුවක් නොවී ඍජුව කටයුතු කරයි කියලා. මගේ සහෝදරයෙක් මාධ්‍ය ක්ෂේත්‍රයේ හිතවතෙක්. එක නිසා මම බලාපොරොත්තු වෙනවා මේ නවක මන්ත්‍රීවරු කවුරුත් කිව්ව පලියට, කාගේවත් පදයකට නැටුවා ඇති. ඒක නිසා මං ඉල්ලනවා මෙවැනි අවස්ථාවකදී ඔවුන් බුද්ධිය පාවිච්චි කළ වැඩ කළ යුතුයි. මොකද මම දකින්නෑ මෙහි කියපු දේ නරකින් කිව්ව දෙයක් විදියට. මොකද රටක ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ ඒ පක්ෂයේ නායකත්වය ඔහුට ලබා දෙන එක සම්ප්‍රදාය.

දැන් එංගලන්තෙත් ඒක සම්ප්‍රදායෙන් මත පදනම් වෙච්ච දෙයක් එක ලිඛිතව කොහේවත් සඳහන් කරලා නෑ. නමුත් අපේ රටේ සම්ප්‍රදායිකව ජනාධිපති උනාට පස්සේ ඔහු පක්ෂයේ නායකත්වයට පත් කර නායකත්වය නැත්තං ඒ සමානව තනතුරකට පත් වෙන එක හොඳ දෙයක්.ඔහු ඒක තියෙන්නේ නරක අදහසකින් නෙවෙයි. ඒ වගේම මට පේනවා තව දෙයක්. ඒ තමයි දැන් ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව මේ පුටුවට ගෙනල්ල තිබ්බට පස්සෙ තව කෙනෙක් ලෑස්ති වෙනවා මේ ජනාධිපති වෙන්ඩ. ඔහු උදව් කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රට අරගෙන යන්න. එතකොට තව කාගෙවත් හිතලුවක් මුදුන්පත් කරගන්න ඕන නෑ.

මේ හැට නම ලක්ෂයක ඡන්දය විනාස කරලා මේ අවුරුදු පහ ඇතුලත මේ රට තවත් පල්ලමකට අරන් යනවද කියලා ගැටලූවයි මට තියෙන්නේ. එනිසා කවුරුත් හිතන්ඩ එපා මේ පොදුජන පෙරමුණට මේ හැට නම ලක්ෂ දුන්නේ සදාකාලිකව තියාගන්න කියලා. මේ හැටනම ලක්ෂය දුන්නා වගේම අනිත් පැත්තෙන් නැතිකරලා දාන්නත් මේ රටේ මිනිස්සුන්ට පුළුවන්කම තියෙනවා. හැටනම ලක්ෂය දුන්නේ පරම්පරාවේ ගබඩාවේ දාලා තියන්න නෙවෙයි. ඔය 69 ලක්ෂය දුන්නා වගේම අකුල ගන්නත් මේ අප්ඩේට් වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලො ලෑස්තියි”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ

Exit mobile version