නල්ලලූර් කෝවිල් භාරකරුවන්ට යාපනේ දිසාපතිගෙන් අවවාදයක්

දිනසේන රතුගමගේ:

යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය නුවෙන් සිදු කෙරෙන පූජාවන්ට සහභාගී වන බැතිමතුන්ගේ සංඛ්‍යාව වහාම අඩු කිරීමට පියවර ගන්නා ලෙස යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා  9 දා කෝවිල් භාරකාර මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

මේ පිළිබදව විමසූ විට යාපනය දිසාපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශ හා ආරක්ෂ අංශ විසින් බැතිමතුන් 300 කට පමණක් සහභාගී වීමට අවසර දුන්නද  සති අන්ත පූජාවන් සඳහා  බැතිමතින් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් සහභාගී වන බවයි.


කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් ඇති අවදානම තවමත් පහව ගොස් නොමැති නිසා  නල්ලූර් කෝවිලේ පූජාවන්ට සහභාගී වන පිරිස අඩු කරන ලෙසත් සෞඛ්‍ය පිළිවෙත් ඒ අන්දමටම ආරක්ෂා කරන ලෙසත් තමන් කෝවිල් භාරකාර මණ්ඩලයට  දැන්වූ බවද දිසාපතිවරයා සඳහන් කළේය.

මේ සතියේ සිකුරාදා සහ සෙනසුරාදා දිනවල නල්ලූර් කෝවිලේ පැවති පූජාවන්ට බැතිමතුන් තුන්දහසකට වඩා සහභාගී වී ඇති අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් මුඛවාඩම් පැළද නොසිටි අතර මීටරයක සමාජ දුරක් පවත්වා ගැනීම කිසිසේත්ම සිදු වී නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා මේ නැවත පැවැත්වෙන පූජාවලදී ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයටම ක්‍රියාවට නංවන ලෙසද දිසාපතිවරයා උපදෙස් දී තිබේ.

Exit mobile version