නල්ලමලේ කන්සල්ටන්…

ඉතා වැදගත් කැපවීම් කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන පන්දුවාර 50 ලෝක කුසලානය තරග සඳහා කණ්ඩායම සමඟ ඉන්දියාවට නොපැමිණෙන බව “ක්‍රිකට් ඒජ් “ වෙබ් අඩවිය වාර්තා කරයි.

දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායම අඟහරුවාදා (සැප්තැම්බර් 26) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. කෙසේ වෙතත් පසුව කණ්ඩායමට එක්වීමට මහේල සූදානමින් සිටින බව ක්‍රිකට් ඒජ් කියයි.

මීට පෙර මහේල පසුගියදා නිමාවට පත් වූ ආසියානු කුසලාන තරගාවලියද මඟ හැර තිබුණි. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඔහුට T20 කෙටුම්පතක් සඳහා දකුණු අප්‍රිකාවට යාමට සිදුවූ බවය.  කෙසේ වෙතත් ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කරන්නේ මහේල එම තරගාවලි වකවානුව තුළ ශ්‍රී ලංකාවේ සිටි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ICC තරඟාවලියේ 13 වැනි සංස්කරණය ඔක්තෝම්බර් 5 සිට නොවැම්බර් 19 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය.  2019 දී පැවති ලෝක ශූරතා  අවසන් මහා තරඟයේදී නවසීලන්තය පරාජය කරමින්   ජයග්‍රහණය කළ එංගලන්තය වත්මන්  ලෝක  ශූරයා ලෙස තරගාවලියට එක්වේ.


Exit mobile version