නයිජීරියාවේ පල්ලියට ප්‍රහාර එල්ල කළේ ‘යතුරුපැදි ධාවන කල්ලියක් ද?’

nigeria church attack

නිරිත දිග නයිජීරියාවේ සෙන්ට් ෆ්‍රැන්සිස් කතෝලික දේවස්ථානයට යතුරුපැදිවලින් පැමිණි තුවක්කුරුවන් පිරිසක් විටින් විට රැස්ව සිටි පිරිසට වෙඩි තැබූ බව ඔන්ඩෝ ප්‍රාන්ත සභාවේ ඔවෝ ආසනය නියෝජනය කරන නීති සම්පාදක අදෙයෙමී ඔලායෙමී විදෙස් මාධ්‍ය හමුවේ පවසයි.

ඉරිදා දිව්‍ය පූජාව අතරතුර සිදු කරන ලද මෙම වෙඩි තැබීම හේතුවෙන් කාන්තාවන් හා දරුවන් ඇතුළු 50 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළත් පොලීසිය නිවැරදි සංඛ්‍යාවක් නොපවසන අතර ඔලායෙමි පවසන්නේ 28 දෙනෙකු පමණ මිය ගිය බවයි.

යතුරුපැදිවලින් පැමිණ වෙඩි තැබූ නිසා යතුරුපැදි ධාවන කල්ලි කෙරෙහි සැකයක් මතුව තිබුණත් මෙම ප්‍රහාරයට වග කිව යුත්තේ කව්දැයි තවමත් තහවුරු කරගෙන නොමැති බව පොලිස් ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

‘යතුරුපැදි ධාවන කල්ලි’වල මාරාන්තික ප්‍රහාරයන් නිරිතදිග නයිජීරියාවේ ඉත දුර්ලභ වන අතර ඔවුන් වැඩි වශයෙන් පැතිරී සිටින්නේ රටෙහි උතුරු ප්‍රදේශයට වන්නටය. බොකෝ හරාම් ත්‍රස්තවාදීන් හා තුවක්කුරුවන් ප්‍රාදේශීය වශයෙන් ‘කොල්ලකරුවන්’ ලෙස හැඳින්වේ.


වෙඩි තැබීම සම්බන්යෙන් අදහස් පළ කළ පාප්වහන්සේ පවසා තිබුණේ ‘මෙය විශ්වාසන්ත දුසිම් ගණනකගේ මරණයන්’ ලෙසිනි. විපතට පත්වූවන් හා නයිජීරියාව වෙනුවෙන් යාඥා කරන බවට පාප් වහන්සේ වැඩි දුරටත් සඳහන් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නයිජීරියා ජනාධිපති මුහම්මදු බුහාරි ද මෙම තුච්ඡ ඝාතනයන් හෙළා දකින බවට ප්‍රකාශ කළේය. මේ වන විට මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබයි.

Exit mobile version