නතුරට පත් ගුවන් යානය පිළිබද විමර්ශනයට ගුවන් හමුදාපතිගෙන්    විශේෂ පරික්ෂණ කමිටුවක්….

නිලධාරීන් දෙදෙනෙකුට මරු කැඳවමින් අද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදා ගනු ලබන  PT – 6   වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වීම පිළිබඳව සොයා බැලීම සඳහා ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ විසින් විශේෂ කමිටුවක් පත් කර තිබේ.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන මෙම යානය  චීනවරාය කඳවුරු ප‍්‍රදේශයේ දි  අනතුරට ලක් වී තිබිණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ   අනතුර සිදුවු ස්ථානය අද  නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂණ කමිටුව පත් කර තිබේ.

ගුවන්යානය අද පෙරවරු 11.25 ගුවන් ගතවී ඇති අතර  විනාඩි දෙකකින් පසු ,  පෙරවරු 11.27 පමණ  අනතුරට ලක්ව ඇත.


ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ  විංග් කමාන්ඩර් තරිදු හේරත්ය.  ඔහු  හා  සමග ගුවන් යානා ඉංජිනේරු නිළධාරි ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසුරිය  මේ ගමනට එක් වී ඇත.

අනතුරින් ජිවිතක්ෂයට පත්වූ විංග් කමාන්ඩර් තරිදු හේරත් කුරුණැගල මලියදේව   විද්‍යාලයේ ආදි සිසුවෙකු වේ. ඔහු 2006 වර්ෂයේ ගුවන් නියමුවකු ලෙස ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට එක්ව තිබිණි. තරිඳු දරුවන් තිදෙනෙකුගේ පියකුද වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ෆ්ලයින් ඔෆිසර් පෙෂාන් වර්ණසුරිය කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර ඔහු 2017 වසරේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට බැඳී ගුවන් යනා ඉංජිනේරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව ඇත.

Exit mobile version