නඩු නැතිව දෙවසරක් හිරේ ඉන්න දෙමළ දේශපාලන සිරකරුවන් 03ක් නඩු දාන්නැයි ඉල්ලා උපවාසයක් අරඹයි….

දිනසේන රතුගමගේ –

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් තුන් දෙනෙකු ඊයේ ( 23 ) සිට ආහාර වර්ජනයක් ආරම්භ කොට තිබේ.

ඥාතීන් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ…

ඊට සහය දැක්වීම සඳහා ඔවුන්ගේ ඥාතීන් පිරිසක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කොට ඇත.

බන්ධනාගාරය තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයේ යෙදෙන  තුන් දෙනා ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන්ට එරෙහිව යම් චෝදනා ඇත්නම් අධිකරණයක් හමුවේ ඊට  එරෙහිව නඩු පවරන ලෙසය.


එසේත් නොමැති නම් වසර වසර දෙකකට  අධික කාලයක් චෝදනා ඉදිරිපත් නොකොට ඔවුන්ව බන්ධනාගාරයේ රඳවා සිටීම අසාධාරණ බවද ඔවුන් ප්‍රකාශ කොට ඇත.

ආහාර වර්ජනයේ නිරත  තුන්දෙනාගේ ඥාතීන් විරෝධතා පුවරුද රැගෙන අඛණ්ඩ  විරෝධතාවයේ යෙදෙමින් කියා සිටින්නේ තම ඥාතීන් වසර දෙකක පමණ කාලයක් නිකරුණේ බන්ධනාගාර ගත කිරීම නිසා එම පවුල්වල ආර්ථික තත්ත්වය ඉතා පහත් තත්තවයකට පත්ව ඇති බවයි.

මේ නිසා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මේ ප්‍රශ්නයට මදිහත් වී ඔවුන්ව නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස එම ඥාතීන් ඉල්ලා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රතිනසිංහම් කමලකරන්, වෛතියලිංගම් නිර්මලන් සහ පද්මනාදන් අයිංගරන් යන මේ සැකකරුවන් තුන්දෙනා කිළිනොච්චියේදී හා යාපනයේදී 2020 ජූලි 6 සහ 7 යන දිනවල සහ 2021 මැයි 28 දින වලදී අත් අඩංගුවට ගෙන ඇත්තේ කලුකොටි දිනය සැමරීමට උත්සාහ කිරීම හා පුපුරණ ද්‍රව්‍ය ළග තබාගෙන සිටීමේ චෝදනා මතයි.

Exit mobile version