නටපු නැටුමකුත් නෑ… බෙරේ පළුවකුත් නෑ… සමාජ  මාධ්‍ය යළි සක්‍රීයයි!

පැය 16කට අධික කාලයක් තිස්සේ අවහිර කර තිබූ සමාජ මාධ්‍යජාල යථාවත් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම මත සමාජ මධ්‍යවල ක්‍රියාකාරිත්වය තාවකාලිකව අත්හිටවූ බව තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කර තිබිණි.  ඒ අනුව ඊයේ රාත්‍රී 12 සිට ෆේස් බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, යූ ටියුබ්, ඇතුළු සමාජ මාධ්‍ය ජලා තාවකාලිකව අත්හිටවනු ලැබීය.

මේ සමාජ මාධ්‍ය තහනම සමග අද උදෑසනම  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ සභාපති ඕෂධ සේනානායක තනතුරින් ඉල්ලා අස් විය.      පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉවත්වන බව ඔහු කීවේය.


තහනම  ක්‍රියාත්මක මොහොතේ සිට  මුළු රටේම ලක්ෂ සංඛ්‍යාත පිරිස්  VPN  සේවාවෙන් සමාජ මධ්‍ය ජාලා වෙත පිවිසෙන්නට උත්සාහ කරමින් සිටියේය. මේ සමාජ මාධ්‍ය වාරණයත් සමග තවත් බලාපොරොත්තු නොවුණු තත්වයක් ඇති විය. ඒ  ලක්ෂ සංඛ්‍යාත ජනතාවක්  VPN භාවිතය නිසා ලොව පුරා රටවල් ගණනාවක Trending හෑෂ් ටැග් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි පාඨ ප්‍රචලිතවන්නට වීමය.

මේ අතර උදේ වරුවේම  ඩිජිටල් තාක්ෂණ හා     ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ සමාජ මාධ්‍ය තහනම නිශ්ඵල ක්‍රියාවක් බව VPN ඔස්සේ පැමිණ ට්විටර් පණිවිඩයක් තබමින් කීවේය.

මහජන උපයෝගීතා කොමිසම  විදුලි සංදේශ නියාමන කොමිසම වෙත දන්වා තිබුණේ මේ සමාජ මාධ්‍ය අවහිර වීම නිසා   අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති විදුලි සැපයුම සම්බන්ධ    කාල සටහන ප්‍රකාශයට පත් කරගැනීමට නොහැකි වී ඇති  බැවින් වහාම සමාජ මාධ්‍ය යථාවත් කරන ලෙසය.

සමාජ මාධ්‍ය තහනමට විරෝධය පල කරන්නට ගිය පුද්ගලයෙක් මිරිහාන ජනපති නිවස නුදුරේ දී  විදුලි සැර වැදී මිය ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබේ.

Exit mobile version