ධම්මික පෙරේරාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු වෙයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  99 -අ   වගන්තිය යටතේ ජාතික ලයිස්තුවෙන්  තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂ   ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරික ධම්මික පෙරේරා   පත් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  සහ එහි විධායක අධ්‍යක්ෂවරයා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබේ.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය  සිය ස්ථාවරය ලෙස දක්වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ වගන්තියට අනුව  එවැනි පුරප්පාඩුවක් පිරවීම සඳහා පුද්ගලයෙකු  නම් කිරීමට අයිතියක් ඇත්තේ අදාළ දේශපාලන පක්ෂය විසින් ඉදිරිපත් කරන දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රවල හෝ ජාතික ලැයිස්තුවේ ඔහුගේ නම ඇතුළත් කර ඇත්නම් පමණක් බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ   මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ලැයිස්තුවේ හෝ 2020 මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කිසිදු මැතිවරණ දිස්ත්‍රික්කයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක ධම්මික පෙරේරාගේ නම නොතිබුණි. .

වැවිලි ක්ෂේත්‍රයේත්,  විදුලිබල ක්ෂේත්‍රයේත්, බලපත්‍ර ලාභී වාණිජ බැංකුවලත්,  කල්බදු ආයතන, පාරිභෝගික භාණ්ඩ අලෙවිය පිළිබඳ ඇතුළු පැතිරුණ ව්‍යාපාර ක්ෂේත්‍රයක හිමිකාරීත්වය  දරන පෙරේරා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඇතැම්විට කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත්වීම හේතුවෙන්   පක්ෂග්‍රාහීත්වය සහ සහසම්බන්ධතා පිලිබඳ විඝටනය ඇතිවන ආකාරය ද  පෙත්සම් මගින් ඉස්මතු කර දක්වයි.


මේ තත්ත්වය යටතේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(ඉ) වගන්තිය යටතේ  මෙවැනි තැනැත්තෙක්   පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

ඒ අනුව, ධම්මික පෙරේරාගේ පත්වීම  , අත්තනෝමතික, අතාර්කික, දැඩි ලෙස අසාධාරණ, සහ  නීතියට පටහැනි පත්කිරීමක්  බවත්, මේ තත්ත්වය පරීක්ෂා නොකළහොත් ශ්‍රී ලංකාවේ ජනතාවට පමණක් නොව නීතියේ ආධිපත්‍යයටම   ආපසු හැරවිය නොහැකි බරපතල  හානියක් සහ අගතියක් ඇති කරන බවත් විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය දක්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පත්කිරීම 10 වැනි වගන්ති යටතේ සහතික කර ඇති ශ්‍රී ලංකාවේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පෙන්වා දෙයි.

Exit mobile version