ධම්මික පැණිය හැදූ ධම්මික කපුවාගේ සොයුරා කොවිඩ් නිව්මෝනියවෙන් මිය යයි!

කාලි අම්මාගේ වරම් ගෙන කොවිඩ් පැණියක් හදා පාර්ලිමේන්තුවටත් පැණි පෙවූ ධම්මික බණ්ඩාර නැමැති කපුවාගේ බාල සහෝදරයෙක් කොවිඩ් ආසාදිතව කොවිඩ් නිවුමෝනියා තත්වයෙන්  මියගොස් ඇතැයි කෑගල්ල ‍ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ධම්මික බණ්ඩාරගේ සොයුරෙක් වූ කෑගල්ල පොලිස් වසමේ හෙට්ටිමුල්ල, මාකූර ගනේගොඩතැන්නේ  පදිංචි අප්පුකුට්ටි කංකානමලාගේ හීන්බණ්ඩා නැමැත්තෙකි.

ගලනාල පිළිකාවක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය දී නිවසේ දීම මිය ගොස් සිටි මේ තැනැත්තාගේ මරණය  සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සඳහා  දේහය කෑගල්ල මහරොහලට රැගෙන විත් තිබේ.


අනතුරුව දේහය සම්බන්ධව කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී ඔහු කොරෝනා ආසාදිතව සිට ඇති බව තහවුරු වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව පෙරේදා (13) කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ රෝගියා කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බවය. මේ බව   කෑගල්ල නාගරික රෝහලේ හදිසි මරණ පරීක්ෂක රේණුකා කළුආරච්චි විසින් ඥාතීන්ට දන්වා තිබේ. කොවිඩ් නිරෝධායන නීති ප්‍රකාරව දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ කෑගල්ල ආදාහනාගාරයේ දී සිදුකර තිබේ.

Exit mobile version