ධම්මිකගේ කොවිඩ් පැණිය නිසා කෑගල්ල තවමත් කොවිඩ් අවදානමේ…

තවමත් පැණි බෝතලයක් රුපියල් 10000ට විකුණනවා... සෞඛ්‍ය අංශ හෙළි කරගනී...

නතාෂා නෙත්මිණි –                                                  

කෑගල්ල ප්‍රදේශයේ කොවිඩ් පැණිය අලෙවි නොකරන ලෙස දැනුම් දී තිබිය දී   හොර රහසේ එම  පැණි බෝතලයක් රුපියල් 10000ක මුදලටක අලෙවි කරන බවට තොරතුරු හෙළිව ඇති බවත් මෙය මිලදීගැනීමට ජනතාව පැමිණීම හේතුවෙන් කෑගල්ල ප්‍රදේශයේ කොවිඩ් අවදානම තවමත් පහව ගොස් නොමැති බවත් සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

මෙසේ ජනතාව ඇදී එන්නේ මෙම පැණිය සම්බන්ධයෙන් තවමත් වෛද්‍ය විද්‍යානුකූලව තහවුරු වී නොමැති නිසා  ඒ පසුපස හඹා නොඑන ලෙසට  දැනුම් දී තිබිය දී බව   කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිසිදු කටයුත්තක් සඳහා ඒකරාශී නොවන්නැයි   කෑගල්ල ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත්, පසුගිය කාලයේ මේ පැණිය ලබා ගැනීමට යැයි පවසමින්  විවිධ ප්‍රදේශවල ජනතාව විශාල වශයෙන් කෑගල්ල ප්‍රදේශයට පැමිණිය නිසා  කෑගල්ල ප්‍රදේශයේ කොවිඩ් අවදානම ඉහළ ගිය බවත් අධ්‍යක්ෂවරයා පවසයි.


Exit mobile version