ධනු රොක් නායකයා කඩු වලින් කපලා… තත්වය අසාධ්‍යයයි

දිනසේන රතුගමගේ –

යාපනයේ ”ධනුරොක්” කල්ලියේ නායක ධනු නැමැත්තාව අද (26) සවස යාපනය ඔර්ලෝසු කණුව පාරේ පිහිටි පෙරුමාල් කෝවිල අසලදී කඩු ප්‍රහාරයකට ලක්ව බරපතල  තුවාල ලබා තිබේ.

ධනු නැමැත්තා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී   මෝටර් රථයකින් ඔහු පසුපස හඹා ආ පිරිසක් ධනු නැමැත්තාට කඩුවලින් කපා පලා ගොස් තිබේ.

එම මෝටර් රථයේ හතර දෙනෙකු පැමිණ ඇති අතර පොලීසිය විසින් අදාල මෝටර් රථය සොයා ගෙන  ඇත.


එහි ඉදිරි පස වෛද්‍යවරයෙකුට අයත්  මෝටර් රථයක් බව ඒත්තු ගැන්වීම  පිණිස වෛද්‍යවරු වීසින් භාවිත කරණ ස්ටිකරයක් අලවා ඇති නමුත් පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ  අදාල මෝටර් රථය වෛද්‍යවරයෙකුට අයත් නොවන බවයි.

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය අදාල ස්ථානයට පැමිණ කළ පරීක්ෂණ වලදී මෝටර රථය තුළ තවත් කඩු දෙකක් ඇති බව පෙනී ගොස් ඇති අතර මෝටර් රථයෙන් පැමිණි පිරිස මුලින්ම යතුරු පැදියේ ගමන් කරමින් සිටි ධනු නැමැත්තාව මෝටර් රථයෙන් හප්පා ඔහු බිම පෙරළුණු පසුව  කඩු වලින් කැපූ බවට සාක්කි හමු වී තිබේ.

”ධනුරොක් ” කල්ලිය යනු යාපනයේ මුලින්ම බිහි වූ ”ආවා කල්ලිය” නැමති කල්ලියෙන් බිදී ගිය වෙනත් පාර්ශ්වයක් වන අතර මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි නිසා යාපනයේ ආරක්ෂාවට විශාල බාධාවක් එල්ල වී ඇති බැවින් එම කල්ලි වහාම මර්දනය කිරීමට පියවර ගන්නා ලෙස  උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී.එම්.එස්.චාර්ල්ස්   ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගෙන්  ලිපියක් මගින් ඉල්ලීමක් කොට දින තුනක් ගත වීමටත් පෙර  යාපනය නගරයේදී  මහ දවල් මේ කඩු ප්‍රහාරය එල්ල වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය  පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන  යයි.

Exit mobile version