‘ද ෆිනෑන්ස්’ තැන්පතුකරුවන්ට ලක්ෂ 6 බැගින් ගෙවීම සදුදා සිට ඇරඹේ…

කඩාවැටීමකට ලක්ව තිබෙන ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත් කරුවන් සඳහා රුපියල් ලක්ෂ 6 බැගින් ලබන සදුදා සිට ගෙවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

මේ බව මහ බැංකුව අධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දී තිබෙන අතර ඒ පිළිබඳව ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය ගෙන ඇත්තේ පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකින් අනතුරුව මහ බැංකුව යටතේ පවතින මූල්‍ය ආයතනවල වත්මන් තත්වය හා ඒ පිළිබඳව ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කෙබඳු ද යන්න පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණු අතර එම සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උසස් අධ්‍යාපන අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන, සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ, මහ බැංකු අධිපති ලක්ෂ්මන් සේනානායක, මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් මුදල් අමාත්‍යංශ ලේකම්, නීතිපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


මෙහිදී මහ බැංකුව යටතේ ඇති මූල්‍ය ආයතන පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් මහ බැංකු අධිපති අධිපතිවරයා ප්‍රමුඛ නිළධාරින් සිදුකරනු ලැබීය. එමෙන්ම ද ෆිනෑන්ස් සහ ඊටීඅයි මූල්‍ය ආයතනවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කළේය.

මෙම ආයතනවල මුදල් තැන්පත් කළ විශාල පිරිසක් මේ වනවිට අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බැවින් ඔවුන් වෙනුවෙන් ගත හැකි පියවර කුමක්දැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ ඊටීඅයි ආයතනය සම්බන්ධව ගනුදෙනුකරුවන් මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙන බැවින් ඒ සම්බන්ධව මහබැංකුවට මැදිහත් විය නොහැකි නමුත් ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල් ලබාදීමට හැකියාව තිබෙන බවයි.

මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ නිළධාරින් සිදු කළ එම කරුණු පැහැදිලි කිරීම අග්‍රමාත්‍යවරයාට යම් කේනීති යෑමක් සිදුවිය. එහිදී ඔහු තරයේම ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන කඩා වැටීමකට ලක් වෙනවා නම් ඒ සම්බන්ධව පූර්ණ වගකීම මහ බැංකුව බාරගත යුතු බවයි. සමාගම ඈවර කරන තෙක් තැන්පත්කරුවන්ට ලක්ෂ 6 බැගින් ලබා දීමෙන් මුළු තැන්පත්කරුවන් ගෙන් 93%කගේ ප්‍රශ්නය විසඳෙන අතර තවත් 7%ක් මහා පරිමාණ තැන්පත්කරුවන් ඉතිරි වන බැවින් ඔවුන් සම්බන්ධව ඉදිරියේදී පියවර ගත යුතු බවත් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ නියෝජිතයින් පෙන්වාදී ඇත.

මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කිරීමේදී පවතින රක්ෂණ සේවා ක්‍රමවේද යටතේ මහ බැංකුව තැන්පතුකරුවකුට ගෙවීමට බැඳී සිටියත්, ගෙවීමට බැඳී සිටින්නේ රුපියල් ලක්ෂ හයක් පමණක් බව මහ බැංකු අධිපති අධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.

බොහෝ දෙනෙක් මෙහි සැබෑ තත්ත්වය නොබලා මූල්‍ය ආයතනවල මුදල් තැන්පත් කිරීමෙන් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන බව මෙහිදී අනාවරණය වූ අතර එවැනි අය සම්බන්ධයෙන් මහ බැංකුව පියවරක් ගැනීම නීත්‍යනුකූලව කළ නොහැකි බවද හෙළිවිය.

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් මෙන්ම සමුපකාර ණය දෙන සමිති මගින් රට පුරා ජනතාවගේ මුදල් ලබාගෙන එම ජනතාව අතරමං කර තිබෙන බැවින් ඔවුන් සම්බන්ධව ගතයුතු පියවර පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව සමුපකාර ව්‍යාපාරය තුළ තැන්පත් කළ තැන්පත්කරුවන්ට ඉදිරියේ කිසියම් සහනයක් ලබාදීමටද ද කැබිනට් මණ්ඩලය වැඩිදුරටත් තීරණය කළේය.

Exit mobile version