මාධ්‍යට කතා කළ දොස්තර හමුවට සෞඛ්‍ය ලේකම් කඩාපනින ඒකකය එවයි

dr chamal sanjeewa

නිදහස් විද්‍යා සන්නිවේදකයකු ලෙසින් කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය චමල් සංජීව මහතා කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් මාධ්‍ය්‍යට දැක්වූ අදහස් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අමාත්‍යංශයේ විශේෂ කඩා පනින ඒකකය වෙත කැඳවා ඇති බව සඳහන් වෙයි. සෞඛ්‍ය ලේකම්වරයා විසින් මෙම ඒකකය වෙත වෛද්‍ය චමල් සංජීව ගෙන් සටහනක් ලබා ගන්නා ලෙස දන්වා ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට අමාත්‍යංශයේවතු සහ නාගරික සෞඛ්‍ය සම්බන්ධ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධි සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකි. කලක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බලපෑම්වලටද විවිධ රාජකාරී පීඩාවන්ට ගොදුරු වන්නට සිදුව ඇති මෙම වෛද්‍යවරයා හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස නිර්මාණශිලී යාන්ත්‍රණයක් හඳුන්වා දුන් නිලධාරියෙකි. මෙම වෛද්‍ය නිලධාරියා වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස කටයුතු කරන සමයේ සිට විදුසර විද්‍යා සඟරාවට සහ දිවයින පුවත්පතට ලිපි සම්පාදනය කළ විද්‍යා සන්නිවේදකයකු වන අතර ඔහු විද්‍යා සන්නිවේදනය පිළිබඳ විශිෂ්ඨතා සම්මානද හිමි කර ගත්තෙකි.

කොවිඩ් පාලනය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හමුවේ ජනතාව දැනුම්වත් කිරීමේ කාර්යයක් සිදු කළ මෙම වෛද්‍ය චමල් සංජීව මෙරට ජනතාවට අනාගතයේදී කොරෝනා වෛරසයෙන් සිදුවිය හැකි බලපෑම පිළිබඳව 2013 වසරේ දී ජාත්‍යන්තර පර්යෙෂණ පදනම් කරගෙන සිංහල භාෂාවෙන් සකස් කළ ලිපිය පසුගිය කාලයේ විශේෂ අවධානයකට ලක් වූයේ එයව මෙරට කොරෝනා අනතුර පිළිබඳව වෛද්‍යවරයකු විසින් දැනුවත් කරන ලද මුල්ම විශේෂාංග ලිපිය ලෙසය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගියදා සෞඛ්‍ය ලේකම්වරයා විසින් තම අමාත්‍යංශය යටතේ සේවය කරන නිලධාරීන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම වළකමින් නියෝගයක් නිකුත් කිරීමටද කටයුතු කළේය.

Exit mobile version