දෛනිකව පැය 04ක විදුලි කප්පාදුවකට සැරසෙන්න – ලංකා විදුලි ඉංජිනේරු සංගමය!

power-cut

දෛනිකව පැය 4ක විදුලි කප්පාදුවකට සූදානම් වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු  පවසයි.

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත්තේ දින දෙක තුනකට පිරිමසා ගත හැකි ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් පමණක් බවත් දැවි තෙල් ඇත්තේ දින 22කට පමණක් බවත්ය.

ඒ අනුව දින තුනකට පසු විදුලිය විසන්ධි කර ඉල්ලුම අඩු කිරීමට කටයුතු නොකළහොත් විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට නොහැකි වන බව සභාපති කුමාරවඩු පැහැදිලි කරයි.

ජලය මූලික වශයෙන් කෘෂිකාර්මික, පානීය හා පාරිසරික අරමුණු සඳහා කළමනාකරණය කිරීම හේතුවෙන් ජල විදුලි උත්පාදනය සඳහා ජලාශවල ජලය භාවිතා කිරීම සීමා වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුමත බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදය සහ නව විදුලි උත්පාදන ව්‍යාපෘති අවලංගු කිරීම හේතුවෙන් විදුලි බිඳවැටීමකදී විදුලිය සැපයිය හැකි විකල්ප බලාගාර රට තුළ නොමැතිවීම මේ තත්වයට හේතු වී ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Exit mobile version