දේශබන්දු තෙන්නකෝන් මැතිණිය පොලිස් සේවා වනිතා ඒකකයේ  සභාපති ලෙස වැඩ භාරගනී!

පොලිස් පවුල් සුබ සාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස  වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳ වන අනුරාධා උමයංගනී විජයවර්ධන ඊයේ (01)    කොළඹ 05 පිහිටි පොලිස් පවුල් සුබ සාධක සංගමයේ කාර්යාලයේ දී වැඩ භාරගත්තාය.

සහකාර පොලිස් අධිකාරී නිලයෙන් පහළ නිලයන්වල පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබ සාධන වගකීම මෙම සංගමයට හිමිවන අතර සංගමයේ ව්‍යවස්ථාව අනුව එම තනතුර හිමිවන්නේ පොලිස්පතිවරයාගේ බිරිය වෙතය.

පොලිස්පතිවරයාගේ බිරිය ලෙස පොලිසිය වෙනුවෙන් සම්ප්‍රදායිකව  පැවරෙන සමාජ  මෙහෙවර    පොලිස් පවුල් සුබ සාධක සංගමයේ හා පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපති තනතුරට පත් වීමෙන් ප්‍රකාශ වේ. කෙසේ වෙතත් හිටපු පොලිස්පතිවරයාගේ බිරිය මෙම තනතුර භාර නොගෙන තමන්ට වඩා කැපවීමකින් වැඩ කළ හැකි සුදුසු කෙනෙක් පත් කරන ලෙස ඉල්ලා තිබිණි.  ඇය කිසි විටෙක මෙම ධූරය දරා නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශබන්දු තෙන්නකෝන් පත් කර ඇත්තේ මාස තුනක් සඳහා  පොලිස්පති තනතුරේ තාවකාලිකව  වැඩ බැලීම සඳහාය.


Exit mobile version