දේශපාලන රැකවරණය සහිත ලාංකික දෙමළ ජනයා පිටුවහල් නොකරන්න… ටී.එන්.ඒ ජර්මනියෙන් ඉල්ලයි…

දිනසේන රතුගමගේ –

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම අනුග්‍රාහකයෙකු  වශයෙන් පෙනී සිටි ජර්මනිය මේ අවස්ථාවේදී  දේශපාලන රැකවරණය පතා ජර්මනියේ රැදී සිටින දෙමළ ජනයා පිටුවහල් කිරීම නතර කරන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලීමක් කොට තිබේ..

කිළිනොච්චිය මධ්‍ය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකදී කිළිනොච්චියේ දෙමළ වැසියන් පිරිසක් මන්ත්‍රීවරයාගෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.

මේ අවස්ථාවේදී ජර්මනිය දෙමළ ජනතාව ආපසු පිටත්කොට හැරීම අසාධාරණයක් බව දෙමළ ජාතික සන්ධානය ලිඛිතව හා වාචිකව ජර්මන් රජයට දැණුම් දී තිබෙනවා. මේ දෙමළ ජනතාව ජර්මනියට ගොස් ඒ රටේ ජීවත් වීමේ අයිතිය ඉල්ලා සිටියේ ඔවුන්ගේ ආරක්ෂාව සදහායි. සමහරු ජර්මනියේ අධිකරණවල මේ සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා.“


“මේ අවස්ථාවේදී සිදුව තිබෙන්නේ ශ්‍රී ලංකා රජය දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ  සංවිධාන ගණනාවකට හා පුද්ගලයින් පිරිසකට විරුද්ධව  තහනම් නියෝග පැනවීමත් සමගම ජර්මනියද කලබලයට පත්ව සිටීමයි.“

“නමුත් අපි මානව හිමිකම් සංවිධානවලට මේ තත්ත්වය ගැන යළි සලකා බලන ලෙස ජර්මන් රජයට දැනුම් දෙන ලෙස ඉල්ලා තිබෙනවා. ජර්මන් රජයෙනුත් අපි ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කාලයක්ම ජර්මනියේ රැදී සිටි දෙමළ වැසියන්ට එක්වරම ආපසු ශ්‍රී ලංකාවට පැමිණ මෙහි ජීවත්වීම අසීරු බව ජර්මන් රජය පිළිගන්නා බව අපි විශ්වාස කරනවා. තවත් දෙමළ දේශපාලන පක්ෂ කීපයක් හා දෙමළ සංවිධාන ගණනාවක් මේ ගැන ජර්මන් රජයට කරුණු පැහැදිලි කොට තිබීම නිසා ඉතා ඉක්මනින්ම එහි සිටින දෙමළ වැසියන්ට සහනයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

Exit mobile version