දේශපාලන බලපෑමෙන් කොවිඩ් එන්නත් 70000ක් හොර පාරේ ගිය හැටි ශ්‍රී.ල.නි.පය කියයි…

Covid vaccine (Photo/iStock)

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේශපාලන බලපෑම නිසා කොවිඩ් එන්නත් 70000 කට වැඩි ප්‍රමාණයක්  නියමිත ක්‍රමවේදයෙන් තොරව අවභාවිතා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හෙළි කළේය.

ඔහු මේ බව හෙළිකළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති හමුවක් අමතමිනි.

එන්නත්තරණයේ දී කුරුණෑගල, මොරටුව හා පිළියන්දල එලිපිටම සිදුවූ දේශපාලන මැදිහත් වීමත්, ගාල්ලෙන් එන්නත් ගැනීම සඳහා කොළඹින් ගිය පුද්ගලයන් හෙළිදරවු වූ ආකාරයත් කණගාටු දායක බව ඔහු පැවසුවේය.

“වසංගය ආරම්භය්දීම අපි එන්නත් ආනයන කිරීමට පියවර ගත්තේ නැහැ. දෙවන රැල්ල ආරම්භ වුණාම තමයි ඇනවුම් කිරීම් කළේ. හැම තැනම දූෂණය වංචාව රජ කරන තත්ත්වයක් පේන්න තිබෙන්නෙ. පී.සී.ආර්. වලදිත් වංචා වෙනවා. තාමත් 60 ට වැඩි වියපත් ජනතාවට එන්නත් ලබාදීම ගැටලුවක්. පාර්ලිමේන්තුවේ විශාල අත්දැකීම් සහිත සෞඛ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සෞඛ්‍ය උපදේශක මහචාර්යවරයෙක් ඉන්නවා. කොවිඩ් මර්දන ක්‍රියාවලිය සඳහා මේ කාගෙන්වත් උපදෙස් අරන් නැහැ.“

“රට මිලිටරිකරණයකට යන බවට ජනතාව තුළ කථිතකාවක් ඇති වෙලා. වැදගත් කාර්යභාරයක් කරන සෞඛ්‍ය සේවය තුළ වෛද්‍යවරු, හෙද හා සුළු සේවකයින් සිටින්නේ අතෘප්තියෙන්. වසංගත අවස්ථාවක මේක විශාල ගැටලුවක්.“ මහාචාර්යවරයා කීවේය.

Exit mobile version