දේශපාලන ප්‍රභූන් ගණනාවක් සමඟ නුදුරේදීම පුළුල් දේශපාලන බලවේගයක් එනවා – කුමාර වෙල්ගම

නව ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් නුදුරේදීම පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනඟන බවත් එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ වෙනත් දේශපාලන පක්ෂයක් කඩා බිද දමමින් පිහිටුවන බලවේගයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ලංකාසරට පැවසීය.

නමුත් නව දේශපාලන බලවේගය සමග එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායමවල ප්‍රධාන චරිත රැසක් මේ වන විට වනවිට එකඟතාවය පළ කර තිබෙන බව එතුමන් අවධාරණය කළේය.

තමා නියත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු වුවත් එම පක්ෂය ආරම්භ කළ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා හඳුන්වා දුන් ප්‍රතිපත්ති කිසිවක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොමැති බව පෙන්වා දෙන කුමාර වෙල්ගම මහතා තම අරමුණ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් ඉදිරියට ගෙනයන වමේ බලවේගයක් ගොඩ නැගීම බව අවධාරණය කළේය.


ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට නව ලංකා නිදහස් පක්ෂයේ හිමිවන තැන කුමක්දැයි අප කළ විමසුමකට පිළිතුරු දුන් කුමාර වෙල්ගම මහතා කියා සිටියේ චන්ද්‍රිකා මැතිනිය පමණක් නොව එවැනි දේශපාලන ප්‍රභූන් රැසක් මෙම බලවේගය සමග එක්වීමට මේ වන විටත් එකඟත්වය පළ කර ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නව ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන ගොඩනැගෙන නව දේශපාලන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයට රටම පිළිගන්නා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට මේ වන විටත් සැලසුම් කරමින් සිටින බව වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version