දේව බලයෙන් ලෙඩ සුවකරගන්න ගිය ගුරුවරියක් මරුට…

දිනසේන රතුගමගේ –

සුව නොවන උදරාබාධයකට යාපනයේ ඉලවාලේ මුල්ලනෙයි ප්‍රදේශයේ   දේවස්ථානයකින් ප්‍රතිකාර ලබා ගැනීමට ගිය ගුරුවරියක් හදිසියේ වැළඳුණු අසනීප තත්ත්වයක් හේතුවෙන්  ඊයේ (14)   මියගොස් තිබේ.

38 හැවිරිදි කල්පනා ගෝවින්දසාමි නමැති මෙම ගුරුවරිය සිය උදරාබාධය සදහා මීට පෙර යාපනය තෙලිප්පලෙයි රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර එම රෝගය සුව නොවීම නිසා ඇය දේව බලයෙන් අසනීප සුව කරන දේවස්ථානයක් වෙත ගොස් තිබේ

එහිදී එම කාන්තාව අදාල දේවස්ථානයේ දින කීපයක් රඳවා ගෙන ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතරවාරයේ ඇයගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඇයව දේවස්ථානය හරහා තෙලිප්පලෙයි රෝහලට අතුළත් කොට තිබේ

එම කාන්තාව මියගොස් ඇත්තේ රෝහලට අතුළත් කිරීමෙන් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදීය.  


අදාල දේවස්ථානයේ බාරකරු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස යාපනයේ ඉලවාලී ප්‍රදේශයේ වැසියන් පොලීසියෙන් ඉල්ලීමක් කොට ඇතත් පොලිසිය  ප්‍රකාශ කරන්නේ මියගිය ගුරුවරිය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එහි ප්‍රතිපලය හා මරණයට හේතුවක් ඉතා පැහැදිලිව ප්‍රකාශ වන තුරු කිසිවකු අත් අඩංගුවට ගැනීමට නොහැකි බවයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉලවාලී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version