දෙවැනි දිනයේදීත් පූර්ණ ගෞරව අයර්ලන්තයට… ශතක 02ක් සමග  වට 492යි… ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 81 යි…

ශ්‍රි ලංකා අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අයපහපත් කාලගුණ ආලෝක තත්ත්වය හේතුවේන  නිමා කර තිබේ.

ශ්‍රී ලංකාව ස්වකිය පළමු ඉනිම වෙනුවෙන් යහපත් ආරම්භයක් ලබා ගනිමින් ඇත. ආරම්භක පිතිකරුවන්වන නායක දිමුත් කරුණාරත්න පන්දු 45ක් තුළ නොදැවී ලකුණු 39කි. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය.  අනෙක් අන්තයෙන් ක්‍රීඩා කරන නිශාන් මධුෂ්ක පන්දු 64ක් තුළ  ලකුණු 41කි.  ඊට හතරේ පහර 06ක් ඇතුළත්ය.  ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනය නිමා වනවට කිසිවෙක් නෙැදැවී ලකුණු 81කි. අයර්ලන්තය ලබා දුන් යෝධ ඉලක්කය හඹා යන්නට තවත් 411ක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් රැස් කළ යුතුව තිබේ.

මෙතෙක් නම් සමස්ථ ගෞරවය අයර්ලන්තයටය.  මේ පළමු තරගය ක්‍රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම දැයි සිතන තරමට පිතිකරණය විශිෂ්ටය. මුල් ඉනිමේ අයර්ලන්තයේ ශතක දෙකකි.  පෝල් ස්ටාලින් ලකුණු 103කි. පන්දු 181ක් තුළ හතරේ පහර 09ක් සහ හයේ පහර  02ක් සමගින් ඔහු මංගල ශතකය වාර්තා කළේය.

පෝල් ස්ටාලින්…

කර්ටිස් කැම්පර් ලකුණු 111කි. ඔහු පන්දු 229කට මුහුණ දී හතරේ පහර 15ක් සහ හයේ පහර 02ක් සමගින් මේ ශතකය ලබා ගත්තේය.


මේ ඒ 24 හැවිරිදි තරුණයාගේ 3 වන ටෙස්ට් තගය ය. ඔහු ඉනිම හතරක් තුළ මෙතෙක් ලබා ගත් මුළු ලකුණු ගණන වූයේ ලකුණු 65කි. වැඩිම ලකුණු ප්‍රමාණය වූයේ ලකුණු 34කි.  කැම්පර් ජීවිතය අලුතින් ලීවේය. ශ්‍රී ලංකා කණ්ඩායාම සාර අස්වනු ලබන බව කී ගාලු ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් තරග සිය ගණනක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයින්ට ඔහු ක්‍රිකට් එපා කළේය. ඔහුගේ මංගල ශතකය ලියැවෙන්නේ  එසේය.

ශතකය ලබා ගත් කර්ටිස් කැම්පර්…

ශතකය දැක දැක නායක ඇන්ඩි බල්බ්‍රින් ලකුණු 95කට දවී ගියේය. ලෝකන් ටකර් ලකුණු 80ක් ලැබුවේය. අයර්ලන්ත පිතිකරණය මනරම්ය. ඔවුන් පන්දු ඕවර 145.3ක් තුළ ලකුණු 492ක් රැස් කළේය.

යළිත් වරක් ශ්‍රී ලංකා ජයග්‍රාහී දඟපන්දු යවන්නා සාර්ථකය. ඔහු  සිය ටෙස්ට් තරග 07ක ඉනිම 12 තුළ 06වැනි වරටත් කඩුළු 05ක දවා ගත්තේය.

මෙම තරගයේ ඔහු ඕවර 58.3ක් තුළ ලකුණු 174ක් ලබා දී  කඩුළු 05ක් දවා ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රභාත් ජයසූරිය…

Exit mobile version