දෙමළ භාෂාව කතා කරන දේශපාලනඥ එකමුතුව ඉන්දියාවට යවන ලිපියට හකීම් – මනෝ අත්සන් කර නෑ…

දිනසේන රතුගමගේ –

දෙමළ භාෂාව කතා කරණ දේශපාලනඥයින්ගේ එකමුතුව විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි මහතා වෙත යැවීමට සකස් කරණ ලද ලිපියට  මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා හා රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙතෙක් අත්සන් නොකිරීම නිසා එම ලිපිය යැවීම තව දුරටත් ප්‍රමාද වී ඇති බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ඊයේ ( 6 ) දා පැවසීය.

උතුරු නැගෙනහිර පළාත් දෙකේ දෙමළ භාෂාව කතා කරන දේශපාලනඥයින්ට හා මහජනතාවට ඔවුන්ගේ ප්‍රශ්න ගණනාවක් මෙතෙක් විසදී නොමැති නිසා ඊට වහාම මැදිහත් වී ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරණ ලෙස එම ලිපිය මගින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

පළාත් සභා මැතිවරණය නව  බලතල ඔස්සේ පවත්වා  දෙමළ පළාත් වල ජනතාවට යම් සහනයක් ලබා දෙන ලෙසද එම ලිපිය මගින් ඉල්ලා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන්   සහ මාවෙයි සේනාධිරාජා  ද සෙසු දෙමළ පක්ෂ නායකයින්ද එම ලිපියට අත්සන් කොට ඇති බවත්   මනෝ ගණේෂන්   හා රවුෆ් හකීම්  මෙතෙක් අත්සන් කොට නොමැති බතත් සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා පැවසීය.

Exit mobile version